Chapter 3: iii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 26813

මේකෙ කලුවරත් එක්ක මුකුත් පේන්නේ නැහැ.

ඒත් එක්කම එතනට ඇවිදගෙන ආවේ එලියේ සෝදිසි කිරීම් වල හිටිය කොස්තාපල්වරයෙක්.

" sir ලා දෙන්නා මොනාහරි විශේශ දෙයක් හොයාගත්තද.

තේමිය ඇගිල්ල දික් කරලා අභිශේක් කැඩුව ඒ ලී පොලව පෙන්නුවා.

" මේ බලන්න මෙතන යට මොනවහරි තියෙනවා. අපිට මේක කඩලා බලන්න වෙනවා.

" sir මම අපේ කට්ටියට කියන්නම්.

එලියට දුවගෙන ගිය කොස්තාපල් වරයා ආයෙ ආවේ තවත් නිළධාරියෙක් එක්ක.

" sir අපිට මේක කඩන්න උසාවි නියෝගයක් ඕනා.

තේමිය එයාගෙ අතින් නලල තද කරන ගමන් හිතුවේ මේක මේ විදිහටකරන්න ගියොත් තව දික් ගැස්සෙන නිසා.

මේ මනුස්සයා රෙද්දක් කියවනවා. මම දැන් මොකද කරන්නේ. මුන් ඔක්කොම ගියාට පස්සේ මම රෑට ඇවිත් මේ ගැන බලනවා. නැත්තම් මේ කේස් එක තව අවුරුද්දක්වත් අදින්න වෙයි. එතකොට මැරිච්ච මිනිහා වලලපු තැන ගසුත් පැලවෙලා තියෙයි.

" හරි ඉන්ස්පෙක්ට අපි එහෙම කරමු.

අභිශේක් ඒ කියද්දී තේමිය අභිශේක් දිහා බලන් හිටියේ මේ මොන විකාරයක්ද කියවන්නේ වගේ. ඉතින් එයාලට කැමති දෙයක් එතන කරගන්න දීලා තේමිය එලියට ඇවිත් ඒ වටපිටාව සෝදිසි කරා.

ඒ විල්ලා එක වටේටම තිබුන ඝන කැලෑවෙන් එන හුලං සද්දෙත් හරිම මූසලයි. තේමිය විල්ලා එක වටේම පරික්ශා කරාම එයා දැක්කා විල්ලා එක පිටිපස්සේ තව දොරක් තියන විත්තිය. තේමිය ඒකට පයින් ගැහුවම ඒ දොර හෙල්ලෙන්න ගත්තේ මීට කලින් කවුරුහරි ඒක කඩලා ආයෙමත් අටවලා තියෙනවා වගේ.

" මේ වගේ ලොකු විල්ලා එකකට කවුද මේ වගේ බාල දොරක් දාලා තියෙන්නේ.

Shit ! මුන් අර යට තට්ටුව කඩන්න දෙන්නෑනේ.

" ඒයී.

තේමියගෙ ඇස් හැරවුනේ තමන් දිහාවට එන අභිශේක් ලගට.

'' මොකද ?

" මොනා හරි හොයාගත්තද.

" මේ බලනවා මේ දොර ඒක කවුරුහරි කඩලා හදිස්සියට ආයෙ අටවලවගේ.

" එතකොට මිනීමරුවා එන්න ඇත්තෙ පිටිපස්සේ දොරෙන්ද.

" වෙන්න පුළුවන්

තේමිය ආයෙත් විල්ලා එකේ ඉස්සරහට ආවේ අභිශේක් එතනට වෙලා ඒ දොර පරික්ශා කරද්දී.

" sir

" කියන්න ඉන්ස්පෙක්ට.

" sir දැන් අපිට සෝදිසි කිරීම් නවත්තන්න වෙනවා.

" ඒ ඇයි.

" දැනටමත් 4.00 යි sir වෙලාව. තව ටිකකින් මේ පැත්තෙන් එක එක අත්භූත සද්ද ඇහෙන්න ගන්නවා. අනිත් එක මීදුම බාන්නත් ලගයි. මීදුම බෑවම මේ පාරවල් කිසිදෙයක් පේන්නෑ.

" මීදුම හරි ඒත් මොනාද ඇහෙන අත්භූත සද්ද.

" විලාප සද්ද sir. මේ අර අතුරුදන් උන ගෑනුලමයින්ගෙ අවතාර මෙහෙ සැරිසරනවා. ඒ අවතාර වල විලාප සද්ද කියලා ගමේ කටකතාවක් යනවා.

" ඉන්ස්පෙක්ට අවතාර දැකලා තියෙනවද.

" නෑ sir ඒත් ගමේ මිනිස්සු කිහිපදෙනෙක්ම දැකලා තියෙනවා.

" හ්ම්ම්

" sir ලා දෙන්නට නවතින්න මේ ලග පාත කාමරයක් ලෑස්ති කරලා තියෙන්නේ. Sir ලටත් දැන් මහන්සි ඇතිනේ කොලඹ ඉදන් ආව ගමන්නේ.

" අන්න මරු idea එක ඉන්ස්පෙක්ට , දැන් ගිහින් හොද නින්දක් දාන්න ඕනා.

අභිශේක් තේමියගෙ උරහිසට තට්ටුවක් දාගෙන කියද්දී තේමිය අභිශේක් ගෙ අත අයින් කරලා car එක ලගට ගියා.

අභිශේක් , තේමිය දෙන්නම හවස ආවේ අර ලෑස්ති කරලයි තියෙනවා කිව්ව නවාතැනට. ඒ නවාතැන තිබුනේ විල්ලා එකට කිලෝමීටරයක් විතර ඈතින් තිබුන පොඩි කඩයක් ගාව. ඒ කඩේ මිනිස්සු පදිංචි වෙලා ඉන්න ගෙදරටම සම්බන්ධ උන පොඩි කාමරයක්. තමයි එයාලට අද රෑ ඉන්න උනේ.

කොස්තාපල් කිව්ව විදිහට එයාලට ඒ කාමරේ යතුර ඒ ගෙදර අයගෙන් ඉල්ල ගන්න උන නිසා තේමිය car එකෙන් බැහැලා ගිහින් ඒ ගෙදරට තට්ටු කරත් එකපාරටම ජනේලෙන් එබුන වයසක රූපෙ දැකලා තේමිය ගිහින් නැවතුනේ එයාගෙ පිටිපස්සේ හිටිය අභිශේක් ගෙ කරේ.

අභිශේක්නම් ඉතින් දාගෙන හිනාවෙනවා. ඒත් තේමිය හිටියේ මෝහිනීව දැකලා වගේ එකසිය ගානට බයවෙලා.

" උබ හිනාවෙයන් ඉතින් ගෙම්බා.

ඒත් එක්කම ඒ දොර ඇරගෙන එලියට ආවේ අපේ තරුන රහස්පරීක්ශකව එකසියගානට බය කෙරුව ඒ ආච්චි.

" ඔය ලමයි කවුද.

" ආච්චි අපි මේ කොලඹ ඉදන් ආවේ. කොස්තාපල් ජයපාල අපිට ආච්චිගෙන් අද රෑ අපි ඉන්න කාමරේ යතුර ඉල්ලගන්න කිව්වා.

" ආහ් ජයපාල මහත්තයද ඔය ලමයින්ව එව්වේ. ඩිංගිත්තක් ඉන්නකො මම යතුර අරන් එන්නම්.

'' හරි ආච්චී

ඒ ආච්චි යතුර ගේන්න ආයෙ ගේ ඇතුලට ගියත් තේමියනම් තාම හිටියෙ අභිශේක් ගෙ ඇගේ එල්ලිලා.තාමත් අභිශේක්ව අල්ලන් නේද ඉන්නෙ කියන පනිවිඩය මොලේට ගිය ගමන් තේමිය අභිශේක්ව තල්ලු කරලා අත් දෙක බැදගත්තා.

" පුහ් මහලොකු චණ්ඩියා.

" අනේ මේ වැරදීමක් උනේ සොරි.

" ආ දරුවො මේ යතුර.

" බොහොම ස්තූතියි ආච්චී.

අභිශේක් යතුරත් අරන් කාමරේ පැත්තට යද්දී තේමියත් අභිශේක්ට විරිත්තගෙන එයාගෙ පිටිපස්සෙන් ගියා.

දොර ඇරියත් හරි කාමරේ පුරා ඇස් යැව්ව තේමියගෙ දෙලොව රත් උනේ කාමරේ තියෙන්නේ එක ඇදයි නිසා.

" ඈහ් එක ඇදද තියෙන්නේ.

අභිශේක් කටකොනෙන් ගත්ත හිනාවත් එක්ක තේමිය දිහාවට හැරුනේ තේමියව බිත්තියට හිර කරන්.

" ඇයි බයද. මම මොනාහරී....

" ඔහේ කොරයි හරි මගුලක්.

තේමිය ඇස් කරකවලා අභිශේක්ව තල්ලු කරලා එයාගෙ bag එක ඇද උඩට දාලා ඒකෙන් ඇදුමක් එලියට ගත්තා. එයාලගෙ වෙලාවට ඒ කාමරේම බාතෲම් එකක් තිබ්බා. දැන් 7.00 ට කිට්ටු කරලා තිබුන නිසා පරිසරය හොදටම සීතලයි. තේමිය බාතෲම් එකට ගිහින් ඉක්මනට නාගෙන ඇදුම් මාරු කරන් වෙව්ල වෙව්ල එලියට ආවා.

මුගෙ ආච්චිට යකෝ පුදුම සීතලක්නෙ තියෙන්නේ. තේමිය ඉක්මනට එයාගෙ bag එකෙන් අක්කා දුන්න cream එක ඇදලා අරන් ගාන්න ගියත් එයාට පෙනුනේ තව ටිකක් වෙලා ගියොත් හිනාව පුපුරලා මැරෙන්න ඉන්න අභිශේක් ව. කොල්ලා මේ වෙද්දිත් හිටියේ කනුත් රතුකරගෙන.

" මොකද මිනිහො හිනා වෙන්නේ උබව දැක්කම මටත් හිනායනවා.

අභිශේක්ට හොදවයින් දෙකක් කියන්න කටහදාගත්තත් තේමියටත් එයාගෙ හිනාව නතර කරගන්න බැරි උනා. ඉතින් අභිශේක් කොහෙද බඩත් අල්ලන් හිනාවෙනවා. තේමිය

ලැජ්ජාවෙ ඇබරෙනවා.

" උබ vaseline healthy white ද ගාන්නෙ.

" ඇයි මොකද උබටත් ඕනද.

" එපා එපා no thanks.

ඒ කියාගෙන හිනා වෙවී අභිශේක් ගියේ වොශ් එකක් දාගන්න.

තේමිය අභිශේක්ට බැන බැන body lotion එකෙන් තලියක් අරන් අත් දෙකේම උලා ගත්තා.

" shit !සීරියස් පිට ඉන්න ගියාට මූව දැක්කම හිනා යනවනෙ. ලැජ්ජාවෙ බෑ. බූරුවා. ඇයි යකූ කොල්ලෙක් ක්‍රීම් ටිකක් ගෑවා කියලා ඔච්චර මැරෙන්න ඕනද. දෙන්න හිතේ මූට පිස්සා.

අභිශේකුත් වොශ් දාන් ආවට පස්සේ දෙන්නත් එක්කම ගියේ බඩට මොනව හරි දාගන්න. උදේ වගේ නෙවේ රෑ නම් දෙන්නත් එක්කම එක මේසෙ ඉදන් කෑම කෑවා. . ඒත් මේ වෙලවේ තේමියගෙ ඔලුවෙ වැඩ කරේ රෑට අර විල්ලා එකට ගිහින් ඒ පහල තට්ටුව සෝදිසි කරනවද නැද්ද කියලා. කෑම කාලා එයාලගෙ කාමරේට ආව තේමිය ලොලි පොප් එකකුත් කටේ ගහගෙන ෆයිල් එක අතට ගත්තා.

මේ ෆයිල් එකේ ඇති මගුලක් නෑ. මේකෙ තියෙන්නේ මිනිහා මැරිච්ච වෙලාවයි මැරිච්ච විදිහයි තව බහුබූත වගේකුයි විතරයිනෙ. මුන් නිකම් මිනියේ photoshoot එකක් කරලා වගේ හැම angle එකකින්ම photos නම් තියෙනවා. අරූගෙ ෆයිල් එකේ මොනාද දන්නෑ තියෙන්නේ. ඉල්ලන්නත් බෑ මොකද කරන්නේ.

අභිශේක් තාම කාමරේට ආවෙ නැති එකේ තේමිය කරේ ඇද උඩ තිබුන අභිශේක්ගෙ bag එක ඇරලා ෆයිල් එක තියෙනවද කියලා බැලුව එක. ඒත් එක්කම තේමිය ගැස්සිලා පිටිපස්ස බැලුවේ උගුර පාදන සද්දයක් නිසා.

" මහත්තයා මොනාද බලන්නේ.

" අ.. භි.ශේක්. නැහැ මට තමුසෙගෙ ෆයිල් එක ටිකකට ඕනා.

" ඔහ් ෆයිල් එකද.

අභිශේක් ඒ කියලා තේමිය ලගට අඩියෙන් අඩිය ඇවිදගෙන ආවා. දැන් තේමිය හිටියේ ඇදේ හෙඩ් බෝඩ් එකත් අභිශේක් අතරත් හිරවෙලා.

" එහාට පලයං මිනිහො පිස්සුද.

අභිශේක් ඒකට තේමියට දායාද කරේ එයාගෙ පුරුද්දට වගේ තේමියට දෙන ඒ කට කොනෙන් හිනාව.

" ෆයිල් එකනෙ ඕන කරේ ?

අභිශේක් ඇදේ කොට්ටයක් යට තිබුන ෆයිල් එක තේමීයගෙ අතට දෙන ගමන් තේමියගෙන් ඈත් උනා. තේමිය ඇද උඩ ඉදගෙන ඒ ෆයිල් එක මුල ඉදන් අගට බලන්න ගත්තා. ඒත් ඒ ෆයිල් එකෙනුත් තේමිය තෘප්තිමත් වෙන තරමේ සාක්ශියක් එයාට ලැබුනෙ නැහැ. මොකද ඉතින් මේ රිපෝට් එක හදලා තියෙන්නෙත් පොලීසියනෙ. ඒ පොලීසියම අදයි දැනගත්තේ ඒ විල්ලා එක යට තව තට්ටුවක් තියෙනවා කියලා. ඉතින් ඒ ගැන මේ රිපෝට් වල සදහන් වෙන්න කිසිම විදිහක් නෑ.

" මේක විසදන්න පුළුවන් ඒ විල්ලා එක ඇතුලෙම තමා. මේ රිපෝට් වල කිසි දෙයක් නැහැ.

මෙච්චර වෙලා ලොලිපොප් එක කරක කරක හිටිය තේමිය දිහා බලන් හිටිය අභිශේක් හඩ අවදි කරේ එයාටත් ඒ විල්ලා එකේ පහල තට්ටුව ගැන තිබුන කුතුහලය නිසා.

" උබ කියන්නේ අර down floor එක ගැනද.

" ඔව්.

" ඒත් ඉතින් මේ පොලිස්කාරයො උසාවියෙන් අවසර එනකම් බලන් ඉන්නවනෙ.

" ඉතින් උසාවියෙන් අවසර එනකම් අපි බලන් ඉන්නෙ නෑනේ.

" මොකක් ?

අභිශේක් තේමියට ඇහැක් ගහලා අතින් එන්න කියලා ඉගිකරා.

" ඉක්මනට ලෑස්ති වෙන්න පුතා අපි ඒ විල්ලා එකට යන්න ඕනා.

" සිරාවටම ?

" නෑ ධමනියට . වරෙන් වරෙන්.

තේමිය ඉක්මනට එයාගෙ ජැකට් එකයි තුවක්කුවයි අරගෙන එලියට ආවා. ඒ වෙලාවේ 11.00 ට විතර ඇති. මුලු පරිසරයම කලුවරයි මීදුමෙන් පිරිලා. නැවතුමක් නැති රැහැයියන්ගෙ හඩයි සීතලයි මීදුමයි මැද්දේ අභිශේක් තමන්ගෙ car එක පනගැන්වුවේ භානුක සිංහවංශගේ හොල්මන් මන්දිරේට.

දෙන්නත් එක්කම විල්ලා එක ගාවට ආවත් වාහනෙන් එලියට බහිනවත් එක්කම අර කිව්වත් වගේ හරි ඇහුනේ විලාප සද්ද.

ඒකෙන්නම් තේමියගෙ හිත ටිකක් ගැස්සිලා ගියා. දෙන්නම phone වල ටෝච් ගහගෙන ඒ කලුවර භූත බංගලව ගාවට ඇවිදගෙන ගියා.

" මේක අස්සෙනම් දැන් මෝහිනී විතරක් නෙවේ මෝහිනීගෙ පරම්පරාවම ඇති.

බබා ඔයාට බයයිනම් මගෙ අත අල්ලගන්න හවස වගේ.

" අනේ මේ.... මම ඔය මොකෙක්ටවත් බයනෑ.

" ඔව් ඔව් බලමුකො.

" මේ මේකෙ ඉස්සරහා දොරෙන් ගියොත් අපිව අහුවෙයිනෙ.

" ඒකට මං ලග විසදුමක් තියෙනවා.එනවා මාත් එක්ක.

අභිශේක් තේමියගෙ අතින් ඇදන් විල්ලා එකේ පිටිපස්සට යද්දී තේමිය තමන්ව අත අරින්න කිය කිය අභිශේක්ට නොමනා බැනුම් බැන්නා.

" මෙතන ජනේලේ කොහොමද ඇරුනේ.

" මම ඇතුලෙ චෙක් කරන්න ආව වෙලාවෙ මේ ජනේලෙ ඇතුලෙන් ඇරලා ආවා.

" ඇතියන්තම් ඔය අලි ඔලුව ඇතුලේ කූබියෙක් තරම්වත් මොලයක් තියෙනවා.

" උබේ ක්ෂුද්‍ර මොලේට වඩා මගෙ කූබි මොලේ හොදයි. මෙහෙ වරෙන් දැන් මේ ගුබ්බෑයම අස්සට යන්න.

දෙන්නම ජනේලෙන් විල්ලා එක ඇතුලට ඇවිත් ටෝච් එලියෙන් පරිස්සමට ගියත් තේමිය ආයෙමත් බය උනේ බිත්තියේ එල්ලල තිබ්බ ලොකු ගෝන ඔලුවට.

" අඩෝ ඔහොම බය වෙන්න එපා මෙහෙ නූල් බදින්න තැනුත් නෑ.

" හැව් හැව් තමා. මම බය උනේ නෑ ඔහේ බය උනාද කියලා බැලුවේ.

එයාලා ආවේ කලින් අර කැඩිලා තිබුන පොලව ලගට.

" මේක කඩමු.

අභිශේක් උදේ එයාට අහුවුන යකඩ පොල්ලෙන්ම ඒ ලී පොලව කඩන්න ගියත් තේමිය එයාව නැවැත්තුවා.

" අභිශේක් ඔය යකඩ පොල්ලේ ඔයාගෙ fingerprint එක වදිනවා.

" රෙදි කෑල්ලක් නැද්ද.

" ඉන්න බලන්න.

තේමිය එයාගෙ සාක්කුවට අත දාලා බැලුවේ ලේන්සුවක් තියෙනවද කියලා. එයාලගෙ වෙලාවට ලේන්සුවක් තිබුනා. තේමිය ඒක අභිශේක්ට දුන්නම අභිශේක් ඒ ලේන්සුව යකඩ පොල්ල වටේ ඔතලා රෙදිකෑල්ල තියන හරියෙන් විතරක් අල්ලලා ඒ පොලවේ එයාලට ඇතුලට යන්න පුළුවන් විදිහට ලෑලි දෙක තුනක් අයින් කරා.

" මම යන්නම්.

" එපා ඉන්න ඉස්සෙල්ලා මම ගිහින් බලන්නම්

අභිශේක් ඒ කියලා තේමිය ටෝච් එක අල්ලන් ඉද්දී හිමීට එතනින් බිමට බැස්සා.

" අභිශේක් ??

" අවුලක් නෑ ඔයා එන්න දැන්.

තේමියත් හිමීට ඒ ලෑලි අතරින් පහලට බැස්සා. ඒ දැක්ක දේ ඒ දෙන්නටම හිතාගන්න බැරි උනේ මොකද එතන හරියට හූනියම් කරන තැනක් වගේ. එයාලා හිටන් හිටියේ රතු පාට රවුමක් උඩ. ඒ රවුම වටේම මිනී ඔලු තිබුනා.

" මේ මොකක්ද මේ.

" මේක මොකක් හරි හූනියම් කරන තැනක් වගේ. ඒත් මේ වගේ තැනක් මොකටද භානුකගෙ විල්ලා එක යට තියෙන්නේ.

" අභිශේක් අර.

තේමිය ඇගිල්ල දික් කරලා පෙන්නුවේ එතන තිබුන ලොකු කඩු දෙකටයි ඒ ලගින්ම තිබුන අමුතු විකෘති පිලිම ගාවටයි.

" මෙතන තව මොකක් හරි දෙයක් තියෙනවා තේමිය.

ඒ කියද්දී එයාලට ඇහුනේ උඩින් බඩු පෙරලෙන සද්දයක්.

" කවුරුහරි ඇවිත්

අපි මෙතනින් යන්නේ කොහොමද දැන්

" මේ කොහෙ හරිම එලියට යන්නයි ඇතුලට එන්නයි විදිහක් ඇතිනෙ. අපි ආයෙ හෙට එමු.

අභිශේක් ඒ කියලා තේමියත් එක්ක ටෝච් එලියෙන් හිමීට හිමීට එලියට එන්න විදිහක් හොයාගෙන ඇවිද්දා.

" shit මේක අස්සේ මොකෙක් හරි මැරිලද කොහෙද.

තේමිය ටෝච් එක ගගහා හැමතැනම බැලුවත් මොකෙක්වත් පේන්න හිටියෙ නැහැ.

" මෙහෙ එනවා ඉක්මනට හුස්ම හිරවෙලා මැරෙන්න කලින්.

එයාල මෙහෙම දිගටම ඇවිදගෙන ගියේ උමගක් වගේ පාරකින්. මේකෙ අවසානය උනේ උඩට එන්න හදලා තිබ්බ පඩිපෙලෙන්. තේමිය ඒ පඩිපෙල දිගේ නැගල උඩ තිබුන ලෑල්ල අයින් කරන්න හැදුවත් ඒකට ඉබ්බෙක් දාලා තිබ්බේ.

" shit මේකට ඉබ්බෙක් දාලා.

කරන්න දෙයක් නෑ වෙඩි තියන්න තමා වෙන්නේ.

" ඒත් සද්දෙ.

" අවුලක් වෙන එකක් නැහැ මෙහෙ මිනිස්සු නෑනේ.

තේමිය ඒ ලෑල්ල හයි කරලා තිබුන සරනේරු වලට වෙඩි තිබ්බත් එක්කම ඒ ලෑල්ල ගැලවිලා අර ඉබ්බගෙන් එල්ලෙන්න ගත්තා. ලැබුන අවස්තාවෙන් දෙන්නත් එක්කම එලියට ආවත් එයාලා දැන් ඇවිත් ඝන කැලෑවක් මැද්දට. එයාලට වටෙන්ම ඇහෙන්න ගත්තේ අර විලාප සද්ද. තේමිය ඒකෙන් ජීවිතේ පලවෙනි වතාවට කකුල් දෙක වෙව්ලන තරමටම බය උනා. ඒත් අභිශේක් ? ඒ මූනේ දකින්න ලැබුනේ පොඩි කලබලයක් විතරයි. තේමිය එයාගෙ කන් දෙක තද කරලා වහගත්තේ අර සද්දේ තවත් වැඩි වෙන්න ගත්තා නිසා.

" තේමිය !!

එනවා මේ යක්ස විමානෙ අස්සේ මේ මොනාද වෙන්නේ කියලා මට තේරෙන්නෙත් නැ.

අභිශේක් තේමියගෙ අතින් ඇදන් ටෝච් එලියෙන් ඒ කැලැව මැද්දෙන් දුවගෙන කොහොමහරි විල්ලා එක ඉස්සරහා තිබුන් එයාලගෙ car එක ගාවට ආවා.