Chapter 27: xxvii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 17643

" අහන්නකො

" ම්ම්ම්

" ඔයා මගෙන් හංගන දේ මොන වගේ දෙයක් උනත් අපි දෙන්නා අතර තියන සම්බන්දෙ නැතිවෙන්නෙ නෑනේද ?

" හ්ම්ම්

" හ්ම්ම් ? ඒකද ඔයාගෙ උත්තරේ.

" ඒ දේ දැනගත්තට පස්සේ අපි අතර තියන සම්බන්ධය තියෙනවද නැතිවෙනවද කියලා තීරනය කරන්න ඕනා ඔයා.

" මොකක්ද ඒකෙ තේරුම ?

" පස්සෙ කියන්නම්.

" අභී..

" දැන් ඇති තේමිය.

අභිශේක් තේමියගෙ ඇග උඩින් අයින් වෙලා වෙන දිහාවක් බලාගත්තම තේමිය  අතමිටි මොලව ගත්තේ ,

" ඔයා ඇයි ඔහොම සැරෙන් සැරේ වෙනස් වෙන්නේ ? ඔච්චර මගෙන් හංගන්නේ මොනාද ?

" මම වෙනස් උනේ නෑ ඒත් ඔයා එකම දේ මෙහෙම හාරවුස්සද්දි මගෙ ඔලුව රිදෙනවා.

" දැන් මං නිසා ඔයාගෙ ඔලුවත් රිදෙනවද

මට කිසි දෙයක් නොදැන කතා කරන්න බැහැ ඒත් මට අන්දයෙක් වගේ මේ පේන දේවල් පේන්නෑ වගේ ඉන්නත් බැහැ .

" ඔයා කැමති දෙයක් හිතාගන්න.

" හිතන්න එපා මම මේක ලේසියෙන් අත අරී කියලා.

" මම ඔයාට ඔච්චර තරහා ගන්න දෙයක් කිව්වෙ නැහැ තේමිය. Please මාව ටිකක් තේරුම් ගන්න උත්සහ කරන්න.

" තේරුම් ගන්න ? ඔයාම කියනවද මම කොහොමද තේරුම් ගන්න ඕනා කියල. ඔයා මට ඔයාව විශ්වාස කරන්න කියනවා. ඇත්තටම මං අහන්නේ ඔයාට මව විශ්වාසද ?

" හරි අහන්න මට සමාවෙන්න.

" ඔයා මට රිද්දනවා. ඇයි ඔයා

" ශ්.. දැන් ඇති.

අභිශේක් තේමියව තමන්ගෙ තුරුලට ගත්තේ මේ වෙද්දිත් තේමියගෙ ඇස් වල කදුලු පිරිලා.

" ඔහොම ඇස් වල කදුලු පුරවගන්න එපා බන්.

" තමුසෙ හෙන නරකයි ඕයි !!

" මම නරකයිද ? ම්ම්ම්

" ඔව් ! මෝඩයා.

" ඔව් ඔව් මෝඩයා.

" මෝඩයෙක් තමා.

" ඔව් මම මෝඩයෙක් තමා.

අහන්න තේමිය මම ඔයාට හැමදෙයක්ම කියන්නම්. ඒත් මට තව පොඩි කාලයක් ඕනෙ. ඒ නිසා මගෙ හොද ලමයා වගේ බොරු දේවල් වලට හිත රිද්දගන්න එපා. මම ඔයාට ආදරෙයි ඒ දේ මම මැරෙනකම් වෙනස් වෙන්නෙ නෑ.

" මැරෙන කතා එපා.

" හරි එහෙනම් . ජීවත් වෙලා ඉන්නකම්

" නෑ මම මැරෙනකම්. ඊට පස්සේ ඔයා ඕන දෙයක් කරගන්න.

" ඒක වෙන්නෑ. මගෙ පන තියනකම් ඔයාට මැරෙන්න බැහැ.

" එතකොට.... මම නිකම් මැරුනොත් ? ඒක ඔයාට නවත්තන්න බෑනේ.

" එහෙනම් ඊලග තප්පරේ මම ජීවත් වෙන්නෙත් නෑ.

" අභී !?. Shit !! දැන් ඇති ඔය මගුල. කවුරුවත් මරෙන්නෑ .

" හරි ඇති. දැන් නිදාගමු.

" බැහැ .

" හරි එලිවෙනකම් ඇහැරන් ඉමු.

" ඒත් බැහැ.

" හැම එකටම එළුවා වගේ බෑ බෑ. මම මොනාද කරන්න ඕනා එහෙනම්.

" මෙහෙම ඉන්න. මාව තුරුල් කරන්.

" ඔයාගෙ කොන්ඩෙ හොදටම වැවිලා

අභිශේක් තේමියගෙ ඔලුව අත ගගා කිව්වේ අතට අහුවෙන දිග කොන්ඩ ගස් එක්ක සෙල්ලම් කර කර. මොකද දැන් ඒ කොන්ඩගස් අභිශේක්ගෙ ඇගිලි වලටත් වඩා දිගයි.

" ඔව් අනේ කපන්න ඕනා වලස් තොප්පිය වගේ.

" කපන්න එපා.

" ඇයි ඒ ?

" මම ආසයි ඔයාගෙ කොන්ඩෙට.

" කොන්ඩෙට විතරද ?

" නැහැ. තේමිය කියන නම ගෑවුන තැනටත් මම ආදරෙයි. වචන කරගන්න බැරි ඔය හැම හැගීමක්ම මම දැනගන්නේ ඔය ඇස් වලින්. මම දැක්ක ලස්සනම කෙනා ඔයා තේමිය.  කැමැත්තක් ඇති උනේ ඔය පන්ඩිතකමට උනාට ආදරේ හිතුනෙම නපුරුකමෙන්  වහගත්ත ඔය අහිංසක කමට. ඒකයි මට මගෙ මැනිකව මගෙ ලෝකෙන් ඈත් කරලා තියන්න ඕනා.

" ඒත් මම බය නැහැ

" ඒත් මට බයයි.

" ඇයි ඒ ?

" මට නොකියා කොහෙවත් යන්න එපා. මාත් එක්කම ඉන්න එතකොට මට බය නැහැ.

" එතකොට මම යන යන තැනට මගෙපස්සෙන් එනවද bodyguard වගේ.

" ඔව් ඒ වගේ තමා.

" හැබැයි මම ඔයාට salary එකක්නම් දෙන්නෑ.

" ඔයා නොදෙන salary එක මම ගන්න දන්නවා බබා.

තේමියගෙ තොල් වලට තප්පරේක සිපුමක් තියන ගමන් ඒ කියද්දේ තේමියට අභිශේක් එ වැටුප ගන්න විදිහ ගැන තේරෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.

ඒත් ඒ එක්කම වගේ තේමියගෙ දුරකතනෙට ආව පණිවිඩේ එක්ක තේමිය දුරකථනය අතට ගත්තත් ඒ පනිවිඩය ඇවිත් තිබුනේ නාදුනන අංකයකින්.

" මේ කවුද ?

Video එකක් ?

ඒ දෙන්නම තිබුන කුතුහලය නිසා ඇදේ වාඩි වෙලා ඒ වීඩියෝ පටය ධාවනය කරත්. ඒත් ඒ දේ දැක්කම තේමියට එයාගෙ ඇස් අදහාගන්න බැරි උනා. ඒ විඩියෝ එක සටහන් වෙලා තිබුනේ රවීව සම්පූර්ණ ඝාතනය . ඒ වීඩියෝ එක  පටිගත කරලා තිබුනෙත් ඒ ඝාතකයම වෙද්දී ඒ ඝාතකයා හිටියේ බය හිතෙන වෙස්මූනක් පිටිපස්සේ හැංගිලා.

" ඒක බලන්න එපා.

අභිශේක් තේමියගෙ අතින් දුරකථනය උදුරලා ගත්තත් තේමිය ඒක අභිශේක්ගෙන් ගන්න එයාගෙ උපරිම වෙහෙස දැරුවා. ඒත් ඒ එක්කම වගේ තව වීඩියෝ එකක් ආවේ,

තේමිය අභිශේක්ගෙන් තමන්ගෙ දුරකථනය උදුරලා ගත්තත් ඒ එක්කම තවත් කලබල උනේ  ඒකෙ දැන් සටහන් වෙලා තියෙන්නේ අභිශේක් තේමිය දෙන්නව. ඒක හරියට ඒ බැල්කනියෙ ඉදන් කවුරුහරි ඒ දෙන්නව වීඩියෝ කරලා වගේ. ඒ පමාවට ඇදෙන් පැන්න තේමිය තමන්ගෙ තුවක්කුවත් අරන් බැල්කනියට ගියත් ඒ වෙද්දි පේන්න තිබුනෙ හිස් බැල්කනිය විතරයි. දැන් එතන හොල්මනක් හිටියොත් ඇරෙන්න මනුස්ස පූටක් නැහැ. තේමිය එලියට යන්න ගියත් අභිශේක් එයාට යන්න ඉඩ දුන්නෙ නැහැ

" මොන මගුලක්ද කරන්නේ මාව අත අරිනවා ? තමුසෙට පිස්සුද !!??

" දැන් යන්න එපා.

" ඌ පැනලා යනකම් බලන් ඉන්නද කියන්නේ  මනුස්සයෝ  මාව අත අරිනවා !!! මං ඌට හොද වැඩක් කරනවා . මගෙ අත අරිනවා!!

" තේමිය කලබල වෙන්න එපා.

" කලබල වෙන්න එපා ගාන්නේ ඌට කොහෙන්ද මෙච්චර හයියක්. ඌට මාව විහිලුවක්ද !!

'' ඌ හදන්නේ ඔයාගෙ ඔලුව අවුල් කරන්න.

" shit !!

තේමිය එයාගෙ කොන්ඩෙ අත් දෙකෙන්ම ඇදගෙන බිම දනගහගත්තේ එයාව දැන් තරහෙන් පුපුරන්න තරම්.  ඒත් අභිශේක්ගෙ මූනෙ තිබුනෙ කලබලයකට වඩා හැංගුන බයක්.

" තේමිය !

" ඔයා කොහොමද මෙතන මුකුත් නොවුනා වගේ හැසිරෙන්නේ !??

" මේකට react කරන්න ගියොත් තමයි තේමිය එයාට ඕන දේ වෙන්නේ. ඒ නිසා relax වෙන්න. එයා හදන්නේ ඔයාගෙ ඔලුව අවුල් කරන්න. ඔයිට වඩා ඔයාව පාලනය කරගන්න. මේ බලන්න මං දිහා.

" මට ඒ video  එක බලන්න ඕනා.

" එපා ඒක හෙට බලමු.

" මට ඒක දැන් බලන්න ඕනා!!

.

.

.

.

" බහින්න.

" ඔයා එන්නෙ නැද්ද ?

" නැහැ

" කොහෙද යන්නේ ?

" පොඩි වැඩක්. ඉක්මනට එන්නම් . තනියෙන් කොහෙවත් යන්න එපා.

අහන්න ප්‍රශ්නත් කියන්න දේවලුත් කොච්චර තිබුනත් තේමිය හ්ම්ම් කියන උත්තරේ විතරක් දීලා office එක ඇතුලට ආවා. ඒ ආවත් තේමිය කරේ ඊයෙ රෑ තමන්ට නාදුනන අංකයකින් ආව ඒ ඝාතනයේ වීඩියෝ දර්ශනය දිහා බලන් හිටිය එක. තේමිය මේ ගෙවුන පැය ගාන ඇතුලත ඒ දර්ශනය දහපාරකට වඩා බලන්න ඇති.

" තේමිය. මේ උබ ඊයෙ රෑ එව්ව number එකේ details හොයාගත්තා.

තේමිය මිහිරාන් අතේ තිබුන file එක අතට අරන් බැලුව ගමන් එයාගෙ මූන වෙනස් වෙන් විදිහ මිහිරානුත් දැක්කා.

" උබේ සැකේ හරි.

" හේශිකා ?

" ඔව්. එදා පාන්දර office එකට car එකක් එනවා ඉස්සරහා shop එකේ cctv වල තියෙනවා. ඒ car එක හේශිකාගෙ. උබට අර video එක ඇවිල්ලා තියෙන්නෙත් හේශිකාගෙ number එකෙන්.

" තේමිය ! මිහිරාන් ! රවීගෙ phone එක තියන තැන track කරගත්තා. Murderer ත් ඒ කිට්ටුවමයි ඇත්තේ. පරක්කු උනොත් ඌව අල්ලගන්න වෙන්නෙත් නෑ phone එක හොයාගන්න වෙන්නෙත් නෑ.

තේජාන්ගෙ වාහනයෙන් ඒ තුන් දෙනාම රවීගේ දුරකථනය කොටු කරගත්ත තැනට ආවම තේමියගෙ සැකේ හරි කියන එක ඔප්පු උනා.

" මේ හේශිකාගෙ address එක.

තේමිය තමන්ටම මුමුන ගන්න විදිහ රියදුරු අසුනේ හිටියේ තේජාන් බලන් හිටියේ ,

" මටනම් මේක සතපහකට sure නෑ බං

" හේශිකා ? උබලා එයා ගැන මොනාහරි හොයාගත්තද ?

" මේ බලපං මේක ඊයෙ රෑ මට ආවේ හේශිකාගෙ number එකෙන්

තේමිය තමන්ගෙ දුරකථනේ තිබුන video දර්ශනය තේජාන්ට පෙන්නුවේ , නලල රැලි කරගත්ත තේජාන් තුවක්කුවත් අරන් වාහනෙන් බැහැලා එලියට ගියාම තේමිය  මිහිරාන් දෙන්නත් ඒ පස්සෙන් ගියා.

ඒ ගෙදර සීනුව නාද කරලා විනාඩි ගානක් ගියත් ඇතුලෙන් කිසිම ප්‍රතිචාරයක් තිබුනෙ නැහැ.

" එන පාටක් නෑ ඇතුලට පනිමු.

තේමිය ඒ අදහස දුන්නත් මිහිරාන් කරේ නක්කලේට අදගත්ත හිනාවක් එක්ක තේමිය දිහා බලන් හිටිය එක.

" උබටනම් රෑ දෙගොඩ හරියෙ ගෙවල් වලට පැනලා හොදට පුරුදු ඇතිනේ. ඒකගෙ ගත් කටටම පනිමු ගෑවේ.

" ඔව් ඔව් මම part time හොරකමේ යනවා.

" කෝ ඔයාගෙ අර partner කොහෙද ? මිනිහා මහලොකුවට කයිවාරුනම් ගහනවා.

" ආව වැඩේ ගැන බලපං අනිත් මගුල්

කියවන්නැතුව.

" ඉනිමගක් තියෙනවා.

ගේ වටේම සෝදිසි කෙරුව තේජාන් එතන ඉනිමගක් පෙන්නලා කියද්දී ඒ තුන් දෙනාම ලෑස්ති උනේ උඩ තට්ටුවෙන් ගේ ඇතුලට යන්න.

" ඉස්සෙල්ලම කවුද යන්නේ.

" දහය විස්ස තිහ...

"ඇති ඇති.

තේමිය ඉස්සෙල්ලා යන්න මේ උන්දගෙ ඉනිමගවල් ඇල්ලිල්ලි මට ශුවර් නෑ.

" හරි.

" පරිස්සමට

තුන් දෙනාම ඉනිමග දිගේ බඩගාගෙන උඩ තට්ටුවේ කාමරේක බැල්කනියකට නැගගත්තා.

" මේක කඩලා ඇතුලට යමු.

" හේශිකා උබේ ආච්චිට හාල් ගරයි.

" දැන් ඉන්න කෙල්ලෝ හාල් ගරන්න දන්නෑ යකෝ පොස් නෙ පොස්.

" උබලා දෙන්නට දෝදුද.

" නෑ කෝදු.

බැල්කනියට එන්න තිබ්බ දොර අරින්න විදිහක් බැලුවත් තේමිය ඒකට අත තියනවත් එක්කම ඇරුන එකෙන් ඒ හැමෝගෙම මූන වෙනස් වෙලා ගියේ ඒ දොර තිබුනෙ මීට කලින් කැඩිලා වගේ. ඒත් එක්කම තේමියට මතක් උනේ භානුලගෙ විල්ලා එකෙත් පිටිපස්සේ තිබුන දොර මේ විදිහට කැඩිලා තිබ්බ එක. ඒත් එයාලගෙ මූනු වල තිබුන කුතුහලය උඩු යටිකුරු උනේ ඇරුනු දොරෙන් ඒ කාමරේ ඇතුලට වෙලා තිබුන දේ.

" හහ් !