Chapter 23: xxiii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 25427

" බබා උබ ඔහොම රවද්දි හරි ලස්සනයි.

අභිශේක් තේමියගෙ කම්මුලක් ලාවට මිරිකද්දි තේමිය තව රවනවා.

" අනේ මේ... මගෙන් ගුටිකන්න එපා හරිද

" මගෙ වදුරු පැටියට තරහා ගිහින්.

" විකාර නොකර පාර බලාගෙන යනවා.

" බෑනේ බබා උබ ඔහොම මල් වට්ටිය වගේ ඉද්දි මට බැලෙන්නෙම උබ දිහා.

" ආ හරි මං දිහාම බලන් යමන්කො ඊට පස්සේ දෙන්නත් එක්ක එකටම වල පල්ලට යන්න පුළුවන්.

" ඔව් දෙවනි පාරටත්.

අභිශේක් කට කොනින් ගත්ත හිනාවක් එක්ක ඒ කියද්දී තේමිය ඔලුවත් ඇල කරන් අභිශේක් දිහා බලන් හිටියේ එයා කවද්ද පලවෙනි පාරට වල පල්ලට ගියේ කියලා හිතන ගමන්.

" දෙවනි පාරටත් ?

" ඇයි මම එදා වෙඩි වැදිලා ඔයා නිසානේ බේරුනේ.

" ම්ම්ම්

" team එකේ අනිත් අය ඉස්සරහා මාත් එක්ක වැඩිය ඉන්න එපා.

වාහනෙන් බැස්ස ගමන්ම තේමියගෙන් ඒ තර්ජනයක් හා සමාන වචන ටික අභිශේක් ට.

" ඇයි ඒ ?

Office එකට ඇවිදන් යන ගමන් තේමිය ඒ කිව්ව කතාවට අභිශේක් ඇස් හීනි කරන ගමන් ඒ ඇහුවේ එතන මොකක්ද තියන වැරැද්ද වගේ.

" ඇයි ඒ කියලා අහන්නේ මතකනෙ එදත් අර මිහිරාන් මට නෝන්ඩියක් දැම්මා.

" නෑනේ මට මතක නෑනේ . එයා මොනාද කිව්වේ ?

" මොනාද කිව්වේ අහන්නේ ? ඒ යකා අපිව ජෝඩු කරනවා. පුළුවන්නම් කසාද බන්දලත් දෙයි.

" බබා මමනම් ඔලුවෙ disappearing messages on කරලා තියෙන්නෙ ඒ නිසා ඕන්නැති ඒවා ඉක්මනට අමතක වෙල යනවා..

" ශෝක් විහිලුව මට හරියට හිනා ගියා.

" ඒකනෙ හිනා වෙන්නනෙ කිව්වේ. මොකෝ අපි දෙන්නා දැනටමත් ජෝඩුවක් නෙවේද ම්ම්ම් ?.

" ඔව් ඔව් බනිස් ජෝඩුවක්.

" අනේ මම දැනන් හිටියේ නෑනේ මගෙ සුදු මැනික බනිස් ගෙඩියක් කියලා.

" අභී ??? මම serious කියන්නේ . අනිත් අයට සැක හිතෙයි.

" ඉතින් මට මොකද ? මගෙනෙ. අනිත් එක මම කාටවත් බයනෑ.

" ඔව් ඔව් බය නෑ බය නෑ තියන අලි ඔලුවනෙ

" අලි ඔලුව ?

" ඔව් හිතන් ඉන්නේ හරි පොර කියලනෙ.

" ආ එහෙමත් එකක්ද බබා මම පෙන්නන්නම් අලිඔලුව.

" මාත් හරි ආසාවෙන් තමා ඉන්නෙ ඔය අලි ඔලුව බලාගන්න.

" අනේ බං අපේ team එකේ උන් ඔලුව ගිනි අරගෙන අර cases ගැන හොයනවා උබලා දෙන්නා ගෑනී මිනිහයි වගේ මෙතන මගුල් නටනවා.

Office එකේ දොර ලග ඉදගෙන වාද කර කර ඉන්න තේමිය , අභිශේක් දිහා බලන් හිටිය මිනිරාන් ඉනටත් අත් දෙක තියාගෙන නාට්‍යානුසාරව ඒ කියද්දී දැන් ඒ දෙන්නටත් කට උත්තරනෑ.

" උබව මතක් කරා විතරයි .

" ඒක තමා මේ නහය දන්න ගත්තේ. ඒ මොකද උබලා දෙන්නා මාව මතක් කරන්නේ ? ඒක නෙවේ අපේ team එකට අලුතින් පොරක් ආවා.

" අලුතින් ? ඒ කවුද ?

" තේජාන්

" තේජාන් ?

" ඔව් මිනිහා අර භානුකගෙ case එක ආයෙ ඇදලා අරන්.

" ම්..මොකක් ? ඒක case එක අපි ඉවර කරානෙ. ඒක ඇයි ආයෙ උඩට අදින්නේ ? අනිත් එක ඒක කරේ භානුකගෙ wife කියලා අහුවුනා.

" මට තේරෙන්නෑ බං. NV එකේ ලොක්කගෙ postmortem එක ආවා.

" murder එක වෙලා තියෙන්නේ කොහොමද ?

" murder එක වෙලා තියෙන වෙලාවෙ රවී ඉදලා තියෙන්නේ මත් වෙලා. මිනිහගෙ ලේ වල ඇල්කොහොල් තිබිලා තියෙනවා.

ඒ murder එක 70% ක් විතර භානුකගෙ murder එක වෙලා තියන විදිහට සමානයි.

" කොහොමද ඒක හරියටම කියන්නේ ?

" භානුකගෙ body එකේ වගේ රවීගෙ body එකෙත් වෙඩි පාරවල් වගේම ඇග හැමතැනම ගොඩක් කැපුම් තුවාල තියෙනවා . ඒ වගේම ඔලුවටත් ගොඩක් damage වෙලා. Murder එකට පාවිච්චි කෙරුව ආයුධ එතන තිබිලා හම්බුනා.

" murder එක වෙලා තියෙන්නේ කොයිවෙලේද ?

" රෑ 12.30 ත් 2.00 ත් අතර වගේ වෙලාවක්.

" මැරිච්ච වෙලාවක් හරියට කියන්න බැරිද ?

" මැරිච්ච වෙලාවක් කියන්නේ මේ පහරදීම් ඔක්කොම වෙලා තියෙන්නේ මිනිහා පන පිටින් ඉද්දි. එතකොට ඒවලින් ඇති උන ලේ වහනය නිසා තමා මිනිහා මැරිලා තියෙන්නේ.

" ඒ වෙලාවේ ඒ මිනිහා office එකේ ඉදන් මොනවද කරේ ? මිනීමරුවා ආයුධත් අරන් රවීව මරන්න එනකම් එතන කවුරුවත්ම හිටියෙ නැද්ද ? අනිත් එක office එකකනම් එතන අනිවාරෙන් security ලා ඉන්නවා.

" office එකේ security ලා දෙන්නෙත් ඉන්නවා. එක්කෙනෙක් ඉන්නේ උදේට . ඒත් එදා හවස ඉන්න security ඉදලා නැහැ. සමහරවිට මිනිහගෙ මේකට සම්බන්ධයක් තියෙන්න පුළුවන්.

" fingerprints ?

" office එක ඇතුලෙ තිබිලා පස් හය දෙනෙක්ගෙම fingerprints හොයාගත්තා. ඒත් ඒවා කාගෙද කියලා තාම හොයාගත්තෙ නැහැ. ඒවා office එකේ වැඩ කරන අයගෙ වෙන්න පුළුවන් . Office එකේ වැඩ කරන හැමෝගෙම fingerprints ගන්න වෙනවා.

තේජාන් දැන් සැක කරන්නේ රවී ගෙ murder එකයි භානුකගෙ murder එකයි දෙකම කරලා තියෙන්නේ එක්කෙනෙක් කියලා. අනිරා දැන් ඉන්නේ jail එකේ නිසා ඒ අනිරා වෙන්න කොහොමවත් විදිහක් නෑ. එහෙම බැලුවොත් භානුකගෙ case එකේ අපිව කොහෙහරි නොමග යවලා තියෙනවා.

" ඒත් මම හිතන්නෑ ඒ murders දෙකම කරේ එක්කෙනෙක් කියලා.

" කොහොමද ඒක හරියට කියන්නේ ? සමහර විට භානුකගෙ murderer උබලා දෙන්නවා වැරදි පාරක යවලා තියෙන්නෙ පුළුවන්.

" එහෙනම් ඇයි ඒ සැකේ 100% ක් නොවුනෙ ?

" මොකද රවීගෙ body එකේ තිබ්බ කැපුම් පාරවල් භානුකගෙ body එකේ තිබුන කැපුම් පාරවල් තරම් ගැබුරට ගිහින් තිබුනෙ නැහැ. මේක සමහර විට රවීගෙ murderer අනිරාව copy කරා වෙන්නත් පුළුවන්. ඒක බලමුකො. දැන් මට කියහන්කො එදා අර වරාය ලග තිබුන ගබඩාවෙ මොකක්ද උනේ. එතන drugs තියෙනවා කියලා උබලට කොහෙන්ද ඔත්තුව ලැබුනේ.

" උබල ඒක වටලද්දි මොනාද තිබ්බේ

" ඒ ගබඩාව අස්සේ කදු පිට කදු ගහලා කොකෙන්. අපිට arrest කරන්න පුළුවන් උනේ එතන හිටිය චමින්දගෙ මිනිස්සු වගයක් විතරයි.

" උබලට ඒදා enquiry එකේදි drugs විතරද හම්බුනේ ? මොනාහරි සැක සහිත දෙයක් හම්බුනාද ?

" ඒකෙ තිබ්බේ කොකේන් විතරයි. මට කියහං උබලා දෙන්නා එදා චමින්දව මරලා මුහුදටවත් දැම්මද ?

" මැරුවද ?

" ඔව්. මිනිහා එදා සිද්ධියෙන් පස්සේ අතුරුදන් . මිනිහගෙ අනිත් මිනිස්සුත් පොලීසියට බයේ හැංගිලා ඉන්නේ.

" ඔයාට කවුද ඔත්තුව දුන්නේ ?

මිහිරාන්ගෙන් දැනගන්න ලැබුන දේ එක්ක කල්පනා ලෝකෙ හිටිය අභිශේක් තේමියගෙන් එකපාරටම ප්‍රශ්න කරේ කලබලෙන්.

" කවුද ඔත්තුව දුන්නේ කියලා මුගෙන් අහන්නේ උබලා දෙන්නා එකට නෙවේද ගියේ.

" උබට ඒ පන්ඩිතකම් අදාලා නෑනේ.

මට එදා නිකම් phone call එකක් ආවෙ.

" phone call එකක් ? මට ඒ number එක දෙන්න.

" හරි ඉන්න.

තේමිය තමන්ගෙ දුරකථනයෙන් එදා තමන්ට ඇමතුම ආව අංකය අභිශේක් ටයි මිහිරාන්ටයි පෙන්නුවා.

'' මේක number එක.

" මේක phone booth එකකින් ආව call එකක්.

" හ්ම්ම්.

" ඒක දැනගෙනත් එදා පන්ඩිතකමට..

තේමිය ඉක්මනට අභිශේක් ට වැලමිටෙන් තට්ටුවක් දාලා අභිශේක් කියන්න ගිය දේ නැවැත්තුවේ එතන මිහිරාන් ඉන්න නිසා.

" එදා පන්ඩිතකමට ? මට ඇත්ත කියහල්ලා එදා මොකක්ද උනේ ?

" මුකුත් නෑ මෙයාට පිස්සු. Office එකට යන් . මට අර අලුතින් ඇවිල්ල ඉන්න ඩයල් එක කවුද කියලා බලාගන්න ඕනා.

" උබලට නෙවේ බං උබලා දිහා බලන් ඉන්න මටයි පිස්සු. වරෙන් යන්න 10.00 ට අර office එකේ වැඩ කරන උන්ගෙන් කට උත්තර ගන්න යන්න ඕනා. උබ ඇත්ත වමාරවන්නනම් දක්ශයිනෙ.

" මට වෙන ඒවත් වමාරවන්න පුළුවන් .

මිහිරාන්ගෙ අවධානෙ වෙන පැත්තකට යනකම් ඉදලා තේමිය අභිශේක් ට ඇහැකුත් ගහලා ඉස්සර වෙලා කාර්‍යාලය ඇතුලට ගියේ අභිශේක් ගෙ මූනට ජව සම්පන්න හිනාවක් ගේන් ගමන්.

කාර්‍යාලය ඇතුලට ගිය තේමිය ඇස් හෙව්වේ තමන්ගෙ කන්ඩායමට අලුතෙන් ආව කිව්ව සාමාජිකයව වෙද්දි ඒ සාමාජිකයා මේ වෙද්දිත් හිටියේ පරිගණකයකට ඔලුව ඔබාගෙන. කණ්නාඩි පැලදගෙන හිටිය ඒ කෙනා දිහාවට ඇවිදගෙන ගිය තේමියත් ඒ පරිගණක තිරයට ඇස් යොමු කරාම එයාට දකින්න ලැබුනේ භානුකගෙ විල්ලා එකේ ජායාරූපයක්. ඒ එක්කම වගේ මෙච්චර වෙල පරිගනකයට අවධානය දුන්න කෙනාගෙ ඇස් තේමිය ලග නතර වෙලා.

" sorry මට ඔයාට disturb කරන්න ඕන් උනේ නැහැ .

" disturb නම් නැහැ මම මේ ඔයා වහල දැම්මා case එක ආයෙ දිග ඇරියෙ.

" ඔව් මට ඒක පේනවා.

" ඇයි ඔයාට ඒ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද ? anyway i'm thejan.

" themiya.

නක්කල් හිනාවක් මූනේ ඇදගන්න ගමන් තේමිය තේජාන්ට අතට අත දුන්නා.

" පන්ඩිත කොල්ලෙක් කියලා දැක්කම පේනවා.

" මොකක්ද ?

" මමත් කැමති ඔයවගේ පණ්ඩිත කොල්ලන්ට. මොකද කියන්නේ අපිදෙන්නා partners ලා වෙමුද ?

" මට..

" එයාට දැනටමත් partner කෙනෙක් ඉන්නවා.

පිටිපස්සෙන් අභිශේක් ගෙ රළු කටහඩ ඇහෙනවත් එක්කම් තේමිය තමන්ගෙ අත තමන් ලගට ගත්තා . තේමියට දැනුනේ එයා හරියට කොටියෙක් ලග ඉන්න පූසෙක් වගේ.

" එහනම් මම පරක්කුයි.

" ඔව් අනිවාරෙන්. He's already taken

තේමියව උරහිසෙන් ඇදලා තමන් ලගට ගන්න ගමන් අභිශේක් ඉස්සරහා හිටිය තේජාන්ට දුන්නේ වාශ්ප වෙන බැල්මක්.

" ඒ නිසා වෙන්න ඇති case එක භාගෙට ඉවර කරලා ඉතුරු කාලේ lovey dovey වලට තියාගත්තේ.

" කට පරිස්සම් කරගන්නවා . lovey dovey බැරිනම් honeymoon එක උනත් මම මගෙ වැඩේ හරියට කරන්න දන්නවා.

" හරි හරි යං honeymoon එකට.

පුපුරන්න ඔන්න මෙන්න තියන බෝම්බ දෙකක් මැද්දට පැන්න තේමිය අභිශේක් වත් ඇදගෙන එයාගෙ මේසෙට ගියා.

" මොකද රවන්නේ ?

" ඌ එක්ක අත් අල්ලන් මොන මගුලක්ද කරේ ?

" මගුලක් තමා කරේ ! Couple dance එකක් පුරුදු උනා. ඇයි අවුල්ද ?

" ඔයා සතුටු වෙන්න බබා මෙතන තව මිනිස්සු ඉන්න එක ගැන. එකට දෙකක් දැන් ඔයාට return කන්න වෙනවා.

" return ?

" බලාගෙන ඉන්නකො. දැන් ඇති තරම් කියවන්න තව ටිකකින් ඔයාට අකුරු එකතු කරගෙන වචනයක් හදාගන්නත් බැරි වෙයි.

" අකුරු එකතු කරන් වචන හදාගන්න ඇයි ඔයා හිතුවද මම dictation පාඩම් කරනවා කියලා

කට කොනින් ගත්ත හිනාව එක්ක තේමිය ඒ කියාගෙන මේසේ කොනකින් වාඩි උනේ සාක්කුවෙන් ලොලිපොප් එකක් අරන් කටේ දාගෙන රවීගෙ postmortem එක බලන ගමන්.

" පාඩම් කරලා තියාගන්න බබා ඕන වෙලාවට කෑගහගන්නවත් වචනයක් නැතිවෙයි.

අභිශේක් තේමිය දිහා බලන් තමන්ටම මුමුන ගද්දී තේමියගෙ ඇස් මොහොතකට ඒ දිහාවට යාවුනේ ඒ දේ හැහුන නෑහුන ගානට තමන්ටත් ඇහුන නිසා. ඉතින් මූනේ ඇදෙන්න ගිය හිනාව තොල් තදකරගෙන නවත්තගෙන තේමිය ෆයිල් එක දිහාම බලන් හිටියේ අනිත් අයට සැක නොහිතෙන්න.

" මේ

" කියන්න.

" චමින්දට ඇත්තටම මොනා වෙන්න ඇතිද ? මට සීයට සීයක් ශුවර් කවුරුහරි මිනිහව ඔතනින් අරන් ගියොත් මිසක් ඇවිදගෙනනම් යන්න විදිහක් නෑ.

" කවුද දන්නේ පියාඹලා ගියාද කියලා.

" මෝඩ කතා කියන්න එපා අනේ.

" කියන්න බෑනේ හොල්මනක් ඇවිත් චමින්දගෙ deadbody එක අරන් ගියාද දන්නෑනේ.

" හොල්මන ඉතින් අර අනිරා තමා.

" කෝ දැන් honeymoon එකට යනවා කියලා නේද මෙතනට ඇදන් ආවේ.

ෆයිල් එක බලන මුවාවෙන් අභිශේක් තේමියට ලං උනාම තේමියගෙ මනමාල හිනාව තේමියටම නවත්තගන්න බෑ.

" අනේ මේ.

" ඔච්චර stress වෙන්න එපා බබා පැත්තට වෙලා ඉදගෙන බලාගෙන ඉන්න හැමදේම ඔයාට නිකම්ම තේරෙන්න ගනී.

" අභී මේක serious case එකක්. පොඩ්ඩක් මේක ගැන focus කරන්න. චමින්දට වෙච්ච දේත් අපි හොයාගන්න ඕනා .

" මගෙ කොල්ලා මෙහෙම ඉදිද මම කොහොමද වෙන දේවල් වලට focus කරන්නේ.මට දැන් focus කරන්න පුළුවන් ඔයාට විතරයිනෙ බබා.

" අහ් දැන් ඒකට මමද වැරදි

" ඔව් ඔයා තමා වැරදි. කවුද ඔයාට මෙච්චර ලස්සනට ඉපදෙන්න කිව්වේ.

" මුගෙ හිනාව යකෝ. මල් හතයි මෙතන.හිටහල්ලකො මම cid එකෙන් අයින් වෙලා පැනි බිස්නස් එකක් පටන් පොල් පැනී.. කිතුල් පැනී ගගා පැනි විකුනනවා අපරාදෙනෙ උබ ඔය හලන පැනි බිම දිගේ බේරෙනවා.

" ඔන්න ආවා ad දාන්න.

ඊට වඩා හොද නැද්ද කිරි හට්ටී කිරි හට්ටී ගගා ගියානම්. උබත් අමු ගවයා එකේ ලස්සන එලදෙනෙකුත් හොයාගත්තනම් පංකාදු පහයි.

" ආ හිටහන් ගවයව පෙන්නන්න උබට

අත් දෙකත් හදාගෙන තේමියව අතවරයට ලක් කරන්න ගිය මිහිරාන්ගෙ කෘර අභිප්‍රාය අසාර්ථක කරලා අභිශේක් ඒ මැදට පැන්නේ තමන්ගෙ ආදරවන්තයව මිහිරාන් නමැති ගවයාගෙන් ගලවාගැනීමෙ ඒකායන පරමාර්තයෙන්.

" ඒයි ඒයි මේ ඈත් වෙලා හිටහන්.

" පුහ් ! මුන් දෙන්නට ගිය කල. ඇයි මූ දැන් උබේද ? හිටහල්ලකො උබලා දෙන්නගෙ හුට පටේ මම අල්ලගන්න.

" ආ උබ කැමති එකක් අල්ලගනින්කො තේමියව අල්ලන්නැතුව.

" තේමිය පොඩ්ඩක් එන්න පුළුවන්ද ?

" මොකක්හරි අවුලක් ද ?

" මට අර case එක ගැන ඔයාගෙන් දැනගන දේවල් වගයක් තියෙනවා.

මෙච්චර වෙලා මේ මිහිරාන්ට අමතර ඒ දෙන්නා දිහා බලන් හිටිය තේජාන් තේමියට කතා කරද්දී තේමියට කලින් ඉස්සර උනේ අභිශේක්.

" මචං උබට මොනාහරි දැනගන්න ඕනෙනම් මම කියන්නම් ඒකට මගෙ partner ව ඕනෙ නෑනේ.

" මම කතා කරේ තේමියට.

" අහ් උබට එයාවමද ඕනා.

අභිශේක් නක්කලේට ගත්ත හිනාවත් එක්ක තේජාන් ලගට යන්න හැදුවත් තේමිය එයාව නවත්තගත්තා.

" අභී ??

තේජාන් ඔයා යන්න මම එන්නම්.

ඔයාට මොකක්ද අනේ වෙලා

තියෙන්නේ ? ඒ ගමන හිනාවෙනවා.

" මුකුත් නෑ ඔයා ගිහින් අරූට දැනගන්න ඕන ඒවා කියලා එන්නකො. මට පොඩි ගමනක් තියෙනවා යන්න. ඔයා මිහිරාන් එක්ක enquiry එකට යන්න මම 10.30 වෙද්දි එන්නම්.

" ආහ් ? ඔ..ඔයා කොහෙද යන්නේ.

" මට පොඩි වැඩක් තියනවා. මම ඉක්මනට එන්නම්.

" ටානියව හරි අර කොල්ලව හරි හම්බෙන්නද යන්නේ ?

බලාපොරොත්තු සුන් උන විදිහට තේමිය ඒ ඇහුවේ මූනෙ තිබුන එලිය නැතිවෙලා යද්දි . අභිශේක් කාටවත් නොපෙනෙන ගානට තේමියගෙ අතේ සුලැගිල්ල එයාගෙ අතේ සුලැගිල්ලන් අල්ලගද්දී තේමිය එයාලගෙ පැටලිලා තියන ඇගිලි දිහාවට ඇස් යවලා ආයෙත් ඇස් ගෙනාවේ අභිශේක් ලගට.

" මම යන්නේ කාවවත් හම්බෙන්න නෙවේ තේමිය. මම ඉක්මනට එන්නම්.

" හ්ම්ම්.