Chapter 21: xxi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 21396

" ඒ උනාට අපිනම් හිතුවෙ නෑ චූටි හිමාශට ඔහොම බූට තියයි කියලා .

" අනේ මේ මම ඒ හෝන්තුවට කැමති නෑ.

" ඒ උනාට ඔයානම් පොඩි කාලෙ කිව්වේ හිමාශව බදිනවා කියලා. මතකද nursery එකේ concert එකක හිමාශා වෙන කොල්ලක් එක්ක couple dance එකකට ඉදලා මේකා එතන අඩ අඩ නැටුව හැටි.

" අම්මෝ ඔව් ඔව් පොඩි කමටද මුගෙත් වැඩ. තේමිය ඒ කොල්ලට ගල් වලිනුත් ගැහුවා. ඒ කොල්ලත් ගේම අත ඇරියේ නෑ හිමාශගෙ අතින් අල්ලන් ඒ පැත්තෙන් අදිනවා තේමිය අනිත් අතින් අල්ලන් මේ පැත්තෙන් අදිනවා හුණු වටේ කතාව වගේ.

" ඇයි චූටි හිමාශගෙන් ඇහුවේ හිමාශා ඔයා මට නේද ආදරේ ගගා. මට තාම මැවිලා පේනවා අඩ අඩ ඇගිල්ලකුත් දික් කරගෙන හිමාශාගෙන් ඒක ඇහුව විදිහ.

" අනේ අයියේ !!!! අභිශේක් මෙයාලා බොරු කියන්නේ. ඔයා ඕවා විශ්වාස කරන්න එපා.

තේමියගෙ හපන්කම් ගැන නතාශායි යොහානුයි තරගෙට දිග ඇරියේ මේ ඇහෙන කතා වලටත් අභිශේක්ට හිනාවෙන්නද අඩන්නද කියලා නොතෙරෙන කොට. ඉතින් තේමියගෙ අන්තිම තුරුම්පුව උනේ අහිංසක මූනකුත් හදාගෙන අභිශේක් දිහා බලන් ඉන්න එක තමන් මේවට වැරදි නෑ වගේ.

" ඔව් ඔව් අපි බොරු කියන්නේ. තේමිය දන ගාන වයසෙ ඉදන්ම කරේ රට්ටු හිනස්සන වැඩ. නැත්තම් අවුරුදු කුමාරිට යන්න ඕනා කිය කිය ගේ පෙරලයි ඈ ??.

" ඇයි ඩෙංගු හැදිලා ඉද්දි තමා මරු ආතල් දුන්නේ. අම්මා මෙහෙන් අඩ අඩ ඉන්නවා චූටි ඒ අස්සෙන් අහනවා අම්මේ මම මැරුනොත් මාව කෑව මදුරුවව හිරේ දානවද කියලා.

" නිකං හිටහල්ලා බං ඔය පොඩි එකාව අවුස්සන්නැතුව.

අයියයි අක්කයි එකතු වෙලා මල්ලිගෙ සායම හෝදන අතරතුර ආදිත්‍යා මේ වෙන්න යන අසාධාරනේට හඩ නැගුවත් ඒකෙන් නෙවේ දශමෙක ප්‍රතිපලයක් තිබුනෙ.

" අනේ මේ මම එහෙම කිව්වේ නෑ !!! ඔයාලමයි පොඩි කාලේ මට කිව්වේ මම ලොකුවෙලා බදින්න ඕනා හිමාශව කියලා. ඉතින් මාත් ඒක ඇත්ත කියලා හිතුවා. ඇයි වදේ මේ බටකොල ආච්චියි බටකොල සීයයි එකතු වෙලා මාව නරක් කරලා එනවා මෙතන මගෙ සායමත් හෝදන්න.

" හරි හරි දැන් හිමාශාත් තේමියට කැමතීලුනේ. මම යන්න කලින් කසාදෙත් කරලා යන්නම්.

" නෑ ඕන්නෑ මට එක්කෙනෙක් ඉන්නවා.

" අම්මටසිරි ඒ කවුද ඒ ??

" කියන්නෑ..

" මමනම් දන්නවා !!

" අනේ අක්කේ ඉල්ලන දෙයක් දෙන්නම් කටවහන් ඉන්න !!!

" අහ් කියන්නැද්ද ? මම කියන්නෑ කියන්නෙම නෑ.. ඒකට උත්තරේ දන්නෑ ද ?.

" අයියේ මේ ඔයා කට වහගත්තේ නැත්තම් ඔයාගේ first kiss එකට උන දේ මම හැමෝටම කියනවා.

" ඒ මල්ලි කැත වැඩ කරන්න එපා.

" මට කෙරුව අවනම්බුවේ හැටියට ඒක නොකියා බෑ.

" අඩෝ ඒ මොකක්ද ඒ මම එහෙම එකක් දන්නෑනේ.

" යොහාන් කාටද first kiss එක දුන්නේ. යොහානුයි මායි හය වසරෙ ඉදන් යාලුවොනෙ. එයා මට එහෙම එකක් කියලා නෑනේ.

" ඔව් ඔව් ඒක ඔයාට කියන්න එපා කියලා අයියා මට හැම මාසෙම පගාවක් දුන්නා.

" ඒක kiss එකක් නෙවේ බබා මේ චූටිට පිස්සු.

" ඔයා කාවද kiss කරේ ?.

ආදිත්‍යා ඒ අහද්දී යොහාන්ගෙ කට වැහුන විදිහ දැක්කම තේමියට තනියම හිනා.

දැන් හැමෝම යොහාන්ගෙ first kiss එක ගැන කුතුහලේ.

" මම කියන්නද ?

" එපා බං ලැජ්ජාවෙ බෑ.

" හරි හරි කමක් නෑ දැන් කොහොමත් මගෙ මිනිහනෙ. ඒ ඇරත් මගෙ ලමයගෙ තාත්තනෙ. කියන්නකො බලන්න first kiss එකේ කතාවත්.

" ඔයාලට නවිදු අයියව මතකද ?

" එපා යකෝ. !!

කමක් නෑ කියහන් දැන් ඉතින් .

" කියන්න කියන්න මාත් දැනගන්න එපෑ.

" අපේ අයියා දවසක් නවිදු අයියට බයිසිකල් පදින්න පුරුදු කර කර හිටියෙ හරිද. එවෙලේ නවිදු අයියා වැටිලා අපේ අයියා නැගිට්ටවන්න ගිහින් අයියවත් එයාගෙ ඇග උඩට වැටුනා. ඉතින් මගෙ ඇස් පනා පිටම නවිදු අයියා අපේ අයියගෙ first kiss එක ඉස්සුවා.හැබැයි එදයින් පස්සේ නවිදු අයියා මේ පැත්ත පලාතේ ආවෙ නෑ. දෙන්නට දෙන්නා දැක්කත් දැක්කෙ නෑ වගේ යනවා.

" එතකොට නවිදු මෙහෙ එන එක නැවැත්තුවේ ඒ නිසාද ?.

" ඔව් මරුම සීන් එක අපේ අයියා දවස් ගානක් ඕකට ඇඩුවා එයාගෙ first kiss එක ආදිත්‍යා අක්කට දෙන්න බැරි උනා කියලා.

" ඈහ් ? ඒ කීයවසරෙද ?

" මට හරියට මතකනෑ අටේදි හරි නවයෙදි හරි.

" ඒ කාලේ මායි යොහානුයි යාලුවො විතරයි නෙ.

" එහෙම හිතන් හිටියේ ඔයා විතරනෙ බබා.

ආදිත්‍යා කම්මුලටත් අත තියන් බලන් ඉද්දී යොහාන් ආදිත්‍යා දිහා හොරෙන් බැලුවේ තමන්ගෙ හොරේ මල්ලි මෙතන දිග ඇරිය නිසා. ඒත් ඒ පරක්කුවට නතාශගෙන් මූන වෙනස් වෙන විදිහත් තේමිය නොදැක්කා නෙවේ.

" කැත වැඩ දෙන්නගෙන් එකෙක්වත් මට ඕවා ගැන කිව්වේ නෑනේ.

" ඉතින් ඔයාගෙයි චූටිගෙයි රහසුත් අපි දන්නෑනේ නංගී...

අභිශේක් ට නැද්ද සහෝදර සහෝදරියෝ කවුරුවත්.

යොහාන්ගෙ රහස් එලි කිරිමේ උපරිම සතුට විද විද හිටිය තේමියගෙ මූන තප්පරෙන් වෙනස් උනේ යොහාන් අභිශේක් ගෙන් ඒ ඇහුව ප්‍රශ්නෙට.

තේමිය හිතේ තිබුන කුතුහලයත් එක්කම අභිශේක් දිහා බැලුවේ අභිශේක් කවදාවත් එයාට සහෝදර සහෝදරියෝ ඉන්නවද නැද්ද කියලා නැති නිසා. ඒ වගේම මේ ඇහුව දේ එක්ක අභිශේක් ගෙ හිත රිදෙයිද කියලත් එයාට බයයි. හේතුව ආදරේද නැත්තම් අභිශේක්ගෙ ඇත්ත දන්න නිසාද කියලා නොතේරුනත් තේමියට දැනුනේ දැන් අභිශේක් ගෙ හිත තවත් තැලෙන්න නොදී පරිස්සම් කරන එක තමන්ගෙ වගකීම වගේ.

" අයියේ..මේ

" නැහැ අයියේ මේ.. මම විතරයි ඉන්නේ.

" ම්ම්ම්..

ඒකට මොකෝ දැන් අපි ඉන්නවනෙ.

මෙච්චර වෙලා එයයි අභිශේක් අතරයි ඉඩක් තිබුනනම් දැන් තේමිය ඒ ඉඩ නැති කරලා දාලා අභිශේක් ට හේත්තු උනේ එයාව සනසන මුවාවෙන්.

තමන්ගෙ හිතේ තියන දේ තේරුනා වගේ අනිත් අතට අභිශේක්ගෙන් තේමියට ලැබුනේ තොල් අතරේ ලාවට ඇදුන හිනාවක්.

රෑ තේමිය වතුර භාජනේකුයි තුවායකුයි අරන් කාමරේට ආවේ අභිශේක් මේ වෙලාවේ හිටියේ එයාගෙ කාමරේ නිසා ඒ වගේම ටිකකට කලින් එයා දැනගත්ත දේ ගැනත් එයාට අභිශේක් එක්ක කතා කරන්න ඕනා. කාමරේට ගියත් එයාට ඇහුනේ බැල්කනියෙන් පැත්තෙන් ආව අභිශේක් ගෙ කටහඩට. එයා ඒ වෙලාවේ ඇමතුමක හිටියේ කියලා තේමියට තේරුන නිසා එයා ඇදේ වාඩිවෙලා අභිශේක් එනකම් බලන් හිටියා. කුතුහලයක් නොතිබුනාමත් නෙවේ ඒත් තේමිය කියන්නේ අනුන්ගෙ දේවල් හාර අවුස්සන මනුස්සයෙක් නෙවේ ඉතින් මේ විදිහට අභිශේක් ගෙ පෞද්ගලික දේවල් වලට ඇගිලි ගහන්න හදන එක එයාට ගෙනාවෙ වරදකාරී හැගීමක්. තව වෙලාවක් යන්න නොදී ඒ එක්කම වගේ කාමරේට ආව අභිශේක් ගෙ ඇස් වල ඇදුනෙ තිගැස්මක්. ඒ තේමිය නිසා. ඒත් තේමියට එයාගෙන් අහන්නවත් දැනගන්නවත් දෙයක් නැහැ.

" ඔ.. ඔයා ඇවිත් ගොඩක් වෙලාද ?

" නැහැ මම දැන් ආවේ. ඔයාට news එක ආවද ?.

" චමින්ද ගැනද ?

" ඔව්. කොහොමද එහෙම දෙයක් වෙන්නේ ?. මට හිතෙන්නේ මේකට තව කවුරුහරි සම්බන්ධයි.

" මට ඒක ගැන හිතාගන්න බැහැ. සමහරවිට මිනිහගෙම මිනිස්සු මිනිහගෙ body එක එතනින් අරන් ගියා වෙන්න පුළුවන්.

" පොලීසිය මේක mafia එකේම අය කෙරුව දෙයක් කියලා case එක වහලා දායි. ඒ මදිවට අර biscuit company එකේ අයිතිකාරයවත් මරලා දාලා.

" මරලා දාලා ?. මොන biscuit company එකේද ?.

" NV එකේ . අද උදේ මිනිහගෙ dead body එක මිනිහගෙ office එකේ washroom එක ඇතුලේ තිබිලා හම්බෙලා.

" මිනිහා කවද්ද නැති වෙලා තියෙන්නේ.

" Post mortem report එක තාම ඇවිත් නැහැ.

මිනිහගෙ මුලු ඇගේම කැපුම් පාරවල් තිබිලා. ඔලුවටත් ගොඩක් damage වෙලාලු. හරියට.. භානුකගෙ murder එක උන විදිහට.

" ඔයා දැන් ඒකට සැක කරන්නෙත් මාවද ?.

" මම එහෙම කිව්වේ නෑනේ . ඒ murder එක වෙලා තියෙන්නේ ඊයේ හරි පෙරේදා හරි. ඔයා කොහොමද murder එකක් කරන්නේ වෙඩි වැදිලා hospital ඉද්දී. කෝ එන්න දැන් ඔයාට ඔය තුවාල පිටින් wash දාන්න බෑනේ මම වතුර එකක් අරන් ආවා.

" කෝ දෙන්න මම කරගන්නම්.

" එපා මම කරන්නම්.

" ඒ ආදරේ නේ !!

" අනේ මේ .. මේ වතුර එක ඔලුවෙ හලන්න කලින් ඇවිත් වාඩි වෙනවා.

තේමියගෙ වචන වලට අවනත වෙලා අභිශේක් පොඩි ලමයෙක් වගේ තේමිය ඉස්සරහින් වාඩි උනා.

" t shirt එක ගලවන්න.

" බබා ඔයාගෙ ඇස් වලට ඒක දරාගන්න පුළුවන් වෙයිද ?

" ඇයි ඔයා හිතුවද මම පිරිමි ඇගවල් දැකලා නෑ කියලා !! මාත් කොල්ලක්.

ඒ කියද්දී රිටන් එකට වගේ අභිශේක් එයාගෙ ටී ශර්ට් එක ගැලෙව්වේ කිව්ව වචන අද්දලා ගන්න පුළුවන්නම් තේමිය මෙලහකටත් ඒ වචන අද්දලා ගන්න තරමට පත් කරලා. උඩ ඉදන් පහලට තේමියගෙ ඇස් ඒ ඇග පුරා යද්දී අභිශේක් කට කොනින් ඇදුන හිනාවත් එක්ක තේමිය දිහා බැලුවේ තමන්ගෙ අනතුරු ඇගවීම තමන් ඉස්සරහම තේමිය සනාථ කරද්දී. දැන් තේමියට ආයෙ ඔය ටී ශර්ට් එක දගන්න කියන්න හිතයි ඒත් බෑනේ තමන්ම භාරගත්ත රාජකරියනෙ.

" බබා ඔයාගෙ boyfriend මාස ගනන් gym එකේ මහන්සි උන එනේ ප්‍රතිපල තියෙනවා වගේ.

" ඈහ් ? අ..ඔව් ඔව් බ්‍රොයිල පැටියා. මාත් gym යනවනෙ.

" බ්‍රොයිල පැටියා ?.

" ඔව් නැතුව. දැන් කටවහන් ඉන්න මට මේ අලි බබාව හෝදලා නිදි කරවන්න ඕනා.

" කකුල් දෙකේ දාලා නලවලද ? එහෙනම් බබා ඔයාට කවි කියන්නත් වෙයි.

" නෑ පුපට දෙකක් ඇනලා !!

වතුරට වැටුන සෝඩියම් කෑල්ලක් වගේ හිත කැලඹුනත් විශේශයක් නැති ගානට වතුර වලින් පෙගෙව්ව තුවාය ඒ ඇග පුරා හිමීට අරන් ගියේ තමන් දිහා කන්න වගේ බලන් ඉන්න කෙනාගෙ ඇස් මග ඇරලා.

හිත ඇතුලේ තුන්වෙනි ලෝකයුද්ධය වගේ ඊටත් එහා ඒ පිස්සුවෙන් ගැහෙන හදවත. ඒ අතර තමන්ට දුවන්න පාරවලුත් නැති කරන ඇස් දිහා බැලුවොත් තමන්ට අත්වෙන ඉරණම ගැන හිතලා කීයටවත් ඒ ඇස් දිහානම් බලන්නෙ නෑ කියලා එයා එයාටම කියාගත්තා. ඉතින් අභිශේක්ගෙ අනතුරු ඇගවීම බොරු නෙවේ කියල එයා පිලිගත්තා.

ඒත් අභිශේක් ට ඕන උනේ නෑ තේමිය තමන් ඉස්සරහා තපසෙක්වගේ දැහැන් වඩනවට. අභිශේක් ගෙ ඒකායන පරමාර්ථය ඒ දැහැන බිදින එක වෙද්දී එයාගෙ අත් තේමියගෙ අත උඩ තද උනේ මෙච්චර වෙලා නැවතුමක් නොතිබ්බ තේමියගෙ ඇස් තමන්ගෙ ඇස් ලග නතර කරවලා. ඇයි එයාව නැවැත්තුවෙ කියලා අහන්නවත් තේමියගෙන් වචන එලියට එන්නැති අතර තේමිය තමන්ව ඒ අවුලවන ඇස් වලින් සම්පූර්නෙන්ම ඇවිලෙනවා. ඒ අතරම අභිශේක් තේමියගෙ අතේ තිබුන තුවාය තමන් අතට ගත්තේ තේමියගෙ නිදහස් අත තමන්ගෙ ඇග පුරා යවන ගමන්. අභිශේක් ට ඕන උනා වගේම දැන් ඒ ඇස් ගැස්සෙනවා කම්මුල් රතු වෙනවා. මොකද එයා තේමියගෙ ලස්සන උපරිමෙන් වින්දේ ඒ ගැස්සෙන ඇස් එක්ක කම්මුල් රතු වෙලා ඒ අහිංසකකම එලියට පනිද්දි.

තමන්ගෙ හැගීම් අගුලු දාලා හිරකරගන්න එකෙන් පලක් නැති කොට තේමිය තමන් වඩන දැහැන භූතයෙක් ගානට සලකලා ඒ තොල් වලට බර උනේ නිමක් නැති සිප ගැනීමක ආරම්භයට. අභිශේක් පුළුන් රොදක් ගානට තේමියව තමන්ගෙ ඔඩොක්කුවට ගනිද්දී තේමිය තමන්ගෙ ඇගිලි අභිශේක් ගෙ කොන්ඩෙ අතර යවන ගමන් අභිශේක් ට ලං උනේ එයාලා අතර එක සෙන්ටිමීටරයකවත් පරතරයක් නැති වෙද්දී. විනාඩි දෙක තුන පහුවුනේ ඒ සිප ගැනීම ආදරනීය සිපගැනීමකට වඩා එහා යවන ගමන් දෙන්නට දෙන්නා දෙන්නට දෙන්නගෙ තොල් වලට ඇබ්බැහි කරලා.

ඒත් එයාලගෙ සිප ගැනීමට එයාලටම හරස් වෙන්න වෙද්දි ඒ දෙන්නම තොල් වලින් ඈත්වෙලා නලලට නලල තියාගත්තේ රේස් එකක් දුවලා ඇවිත් වගේ හුස්ම ගන්න ගමන්.