Chapter 16: xvi ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 31624

තේමිය උදේම නැගිටලා CID එකට යන්න ලෑස්ති උනේ එයාට අලුතෙන් Cases වගයක් වැටිලා තිබුන නිසා. අනිත් අතට අභිශේක් ව ආයෙ හම්බෙයිද කියලත් එයාගෙ හිතේ චකිතයක් තිබුනා. මොනා උනත් ඒ දෙන්නම වැඩ කරන්නේ එක තැන නිසා හම්බෙන්න තියන අවස්තාව වැඩී. ඒත් ඕන දෙයක් , ඒ කිසි දෙයක් තමන්ට අදාල නෑ කියලා හිතුව තේමිය සාමාන්‍ය විදිහට office එක ඇතුලට ගියා. ඒ ගියාමයි එයාට දැනගන්න ලැබුනේ චමින්දට ඇප ලැබිලා එයා දැන් හිරෙන් නිදහස් කියලා. ඉතින් ගලේ කෙටුවා වගේ එයා දන්නවා අභිශේක් ගෙ ඊලග ඉලක්කය චමින්ද . තේමිය එයාගෙ cases වලට අදාල files අරගෙන ඒවා study කරන්න ගද්දී ඇහුන පුරුදු කටහඩ එක්ක එයාගෙ හද ගැස්ම වැඩි වෙන්න ගත්තා.

ඒ රූපේ එයාට දකින්න ඕනෙ නැහැ ඒ උනාට නොදැක ඉන්නත් බැහැ. තේමිය case එකක වැඩකට ඇරුනම අනිත් අය එක්ක කතා කරේ හරි අඩුවෙන්. ඒත් අභිශේක් කියන්නේ හැමෝ එක්කම හොදට කතා කරන කෙනෙක් නිසා කොහෙ ගියත් එයාට අදුරන අය හිටියා. ඇස් දෙක file එකේ තිබුනත් එයා වටේ වෙන දේවල් ගැන හොද අවධානෙන් හිටියේ. කටහඩේ අයිතිකාරයා අඩියෙන් අඩිය තමන් ලගට එද්දි කිසිදෙයක් නොපෙනෙන නොදැනෙන ගානට තේමිය file එක දිහාම බලන් හිටියා. ආව කෙනත් සද්ද නැතුව ඒ මේසෙම ඉස්සරහා පුටුවෙන් වාඩි උනාම තේමියට ඉබේම ඉස්සරහා බැලුනත් ඒ පිම්මටම ආයෙත් ඒ ඇස් අහකට ගත්තා.

" තේමිය

" ඇයි ?.

" ඔයා මාත් එක්ක තරහයිද ?.

" මොකටද ?.

" තේමිය එක පාරක් මන් දිහා බලන්න.

'' මම වැඩක් මට වද දෙන්න එපා.

" අහන්න මට පුළුවන් ඒක පැහැදිලි කරන්න.

" මොනාද ?.

" ඊයෙ උන දේ.

තේමිය හොද හුස්මක් අරන් අභිශේක් ගෙ ඇස් දිහා බැලුවේ කිසිම හැගීමක් නැතුව.

" මම ඊයෙම කිව්වනෙ අපි යාලුවො විතරයි. මට වැඩක් නැහැ ඔයාගෙ දේවල්. ඒ වගේම ඔයත් මගෙ දේවල් ප්‍රශ්නයක් කරන්න එපා. මම කාවද ආශ්‍රය කරන්නේ මම කාත් එක්කද ඉන්නේ. මම කාත් එක්කද කතා කරන්නේ. මම ඔයාගෙන් දේවල් ප්‍රශ්න කරන්නෙ නෑනේ. මට ඔයත් එක්ක තරහක් නැහැ. අපි යාලුවො විතරයි බයවෙන්න එපා ඒක කවදාවත් නැතිවෙන්නෑ. හැබැයි ඔයාගෙ සීමාවෙ ඉන්න.

" ඇත්තටම ? අපි යාලුවො විතරද ?.

" ඔව්

මේ දෙන්නගෙ සීතල යුද්ධය අතරතුර එතනට ආවේ මිහිරාන්.

" මිල්ක් ෆාදර්ට ඩෝග්ස් ජම්පිං කිව්වලු මේ මොකද මේ වෙන්නේ ? මම මේ හීනයක්ද දකින්නේ ? උබලා දෙන්නා එක මේසෙක ඉදන් කතා කරනවා.?

" ඇයි ඒකෙ මොකක්ද පුදුමේ ?

අටවෙනි ලෝක පුදුමේ දැක්කා වගේ ඒ දෙන්නා දිහා බලන් හිටිය මිහිරාන්ට ඒ ප්‍රශ්නෙ යොමු වුනේ අභිශේක්ගෙන්.

" ඇයි යකෝ අපි උබලා ඔක්කොම එකට train උනේ. උබලා හිතුවද අපි ඇස් කන් පියාගෙන හිටියේ කියලා. උබලා දෙන්නා ඉස්සර එකෙක්ට එකෙක් දැක්කොත් ඇති යුධ ප්‍රකාශ කරගන්නවා. මොකෝ එකපාරට සාමය ප්‍රකාශ කරලා. ජෝඩුවටම දැන්ද මතක් උනේ පොලිසිය ප්‍රතිඥාව කියවන්න. මම ශ්‍රී ලංකා පොලිස් නිලධාරියෙක් ලෙස ශ්‍රී ලංකා ජනරජයේ නීතිය සහ සාමය ආරක්ෂා කිරීම සඳහා සියලු කාර්යයන් අධිෂ්ඨානය කරමින්, මට විශ්වාස කරන ලද පාර්ශ්වයන් වෙනුවෙන් පූර්ණ විශ්වාසය හා විනීත භාවයෙන්, කිසිදු බලපෑමකින් තොරව, සියළු අභියෝග ජයගෙන කටයුතු කරන බවට දැඩිව පිළිගනිමි."

මිහිරාන් ඒ කියල සීරුවෙන් හිටගෙන පොලිස් ප්‍රතිඥාව කියවන්න ගත්තම අභිශේකුත් ස්ව කැමැත්තෙන්ම මිහිරාන්ගෙ සහයෝගයට සීරුවෙන් හිටගත්තේ තේමිය ඔලුවටත් අතගහගෙන බලන් ඉද්දි.

" අනේ මිහිරාන් උබට කරන්න වෙන වැඩක් නැද්ද ?.

" තියෙනවා තියෙනවා ඒත් උබලා දෙන්නගෙ හදිසි සාමය ප්‍රකාශ කිරීම ගැන ඊට කලින් හොයාගන්න ඕනා.

" මගුලක් කියනවා. මම යනවා යන්න.

තේමිය ඒ දෙන්නටම රවාගෙන එතනින් යන්න හැදුවත් අභිශේක් තේමියගෙ අතින් අල්ල ගත්ත නිසා දැන් මිහිරාන්ගෙ කට බිමට වැටෙන්න ඔන්න මෙන්න.

" අඩෝ ඒකහ්... කලින් මල් කඩ කඩ ඉදලා දැන් අතිනුත් අල්ලනවා. හින්දි ෆිල්ම් එකක් වගේ. යම් කිසි සිදුවීමක් වෙලා තියෙනවා... උබලා දෙන්නා සිරාවට භානුකගෙ case එක පිටින් දාලා නුවරඑළියේ ගියේ පැනිහදටවත්ද ?

" පිස්සු කියවනවා.

කලබල උන තේමිය අභිශේක් ගෙ අත ගසලා දාලා ඉක්මනට එතනින් එන්න ආවා.

Shit !! මේ මෝඩයා නිසා මගෙ කාඩුත් කුඩු වෙනවා. කරොත් කරන්නේ මහ මන්දබුද්දික වැඩක්ම තමා.

එලියට ආව තේමිය එයාට දැන් කරන්න විශේශ වැඩක් නොතිබුන නිසා ඒ ලග පාතම තිබුන එයා පුරුද්දට යන cafe එකට ආවා. එතන තිබුන නිස්කලංක බව නිසා තේමියට ලේසියෙන් එයාගෙ ඔලුව එක තැනක තියාගෙන cases study කරන්න පුළුවන් උනා. File එකේ තිබුන අවධානය ටිකකින් බිදිල ගියේ එයාගෙ ඉස්සරහින් ඇහුන ගෑනු කටහඩ නිසා. ඇත්තටම ඒ කෙනාව දැක්කම තේමියටත් පුදුමත් හිතුනා. මොකද එයාලා මේ හම්බෙන්නේ අවුරුදු ගානකට පස්සේ.

" තේමිය ? what a surprise ?

දුඹුරු පාටට ඉන ගාවට තිබුන කොන්ඩෙත් එක්ක රෝස පාට ගවුමක් ඇදන් හිටිය ඒ ගෑනුලමයව අදුරගන්න තේමියට ටික වෙලාවක් ගියා . File එක වහලා තමන්ගෙ සම්පූර්ණ අවධානයම ඒ ගෑනු ලමයට යොමුකරාම තේමියගෙ මූනේ ඇදුනේ ලොකු හිනාවක්.

" චනුලි ?

" ඔයාට මාව මතකයි නේද ? මම හිතුවේ දැන් අමතක වෙලාත් ඇති කියලා.

චනුලිත් ලොකු හිනාවක් එක්ක තේමියගෙ ඉස්සරහින් වාඩි උනා.

" ඇයි ඔයා හිතුවද මට මතකය අමතක වෙන ලෙඩක් තියෙනවා කියලා .

" ලෙඩකට නෙවේ ඒ උනාට ඔයාව දැක්කමනම් මට ඔක්කොම අමතක වෙනවා.

" ඒ ඇයි ?

" ඔයානම් තවත් handsome වෙලා. දැන් නම් ඔයාට මට වඩා හොද girlfriend කෙනෙක් ඇති නේ.

" නැහැ මම තාම single.

" are you kidding me ? ඔයා වගේ කොල්ලෙක් single ?.

" maybe my soulmate died , i don't know

තේමිය උරහිස් අකුලලා තාලෙට කිව්වම චනුලි තේමිය දිහා බලන් හිනාවුනා.

" not yet.

" Are you sure ?.

" yaa

" hundred percent ?

" hmm hmm. I think we should meet again. So.. gimme your number please ...

" ok but why should we ?.

" ම්ම්ම් මේකයි .. අපි..... ටිකක් ..මේ...... මම කියන්නේ..... අපි ආයේ.... ආශ්‍රය කරලා බලමු. ඔයා.... කැමති නම්.

" ඒත් ඔයාගෙ boyfriend ගෙන් ප්‍රශ්නයක් වෙයි.

" මට boyfriend කෙනෙක් නැහෑ. I swear.

" ok ඒත් යාලුවො විදිහට

" thankyou තේමිය. මම දැන් යන්න ඕනා මට bank එකට යන්න තියෙනවා.

" ok bye.

" bye... See you soon.

චනුලි ගියට පස්සේ තේමිය cafe එකෙන් එලියට එන්න නැගිට්ටත් ඒ ගමන්ම වගේ එයාට ඇමතුමක් ආවේ නතාශගෙන්.

" hello අක්කේ.

" ඒ මල්ලි මේ ඔයා එද්දී කේක් එකක් අරන් එනවද ?

" කාගෙද birthday එක ?.

" birthday එකක්නම් බැරියෑ බං අර සමයන්තියි සමයන්තයි මාර දූවරු දෙන්නයි එනවලු.

" ඈහ් ? හාපූ

ඔය ප්ලේන්ටියක් වක්කරලා හකුරු කෑල්ලක් දීහන් බන්. මේ යක්කු ටික මොන මගුලකටද එකපාරටම මෙහෙ එන්නේ.

"අයියා ආව නිසා වෙන්න ඇති. බූරුවො සෙට් එක. උබත් හරි ආසාවෙන් නෙ හිටියේ

" මම ?

" ඇයි ඊයෙ කිව්වේ හිමාශත් අවුලක් නෑ කියලා. අන්න නෑනන්ඩි එනවා මහලොකු මස්සිනාව බලන්න.

" හේ හේ එව්වා හදේ තමා. කීයටද දැන් එනවා කිව්වේ.

" හතට විතර.

" හ්ම්ම් හ්ම්ම් අරන් එන්නම්. මම තියනවා..

" ඒයි ඒයි මේ......

" මොකෝ..

" අරයව හම්බුනාද ?.

" හ්ම්ම්.

" හරි මේ පරිස්සමට එන්නකො. මට ගෙදර ආවම සීන් එක කියන්න... බායි..

" ටටා බායි..

තේමියත් පුළුවන් ඉක්මනට කේක් එකකුත් අරන් ගෙදර ආවේ නෑනන්ඩිව බලන්න තියන ආසාවට (බොරු බොරු)

" අහ් පොඩි මෑන් දැන් system change වෙලා නිසා මනමාලි මනමලයව බලන්න එනවලු. හෙප්පුවට බුලත් ටිකක් දාලා දෙන්නම් ආවම දෙන්න.

ආව ගමන් කටට මසුරන් දාන ඒ කතාව ආදිත්‍යාගෙන්.

" අනේ නිකම් දුන්නත් එපා ඔය මනමලි.

" ඇයි මල්ලි ආස නැද්ද බුලත් හෙප්පුවත් මෙහෙම අරගෙන ඇබරි ඇබරි එන්න.

ආදිත්‍යා ගෙ කතාවේ ඉතුරු ටික සම්පූර්ණ කෙරුව යොහාන් බුලත් හෙප්පුවත් අරන් එන විදිහ රග පාලා පෙන්නද්දී තේමිය මූනත් ඇද කරන් බලන් හිටියා.

" ඉව්හ් ගැඩවිලෙක් වගේ. වොශ් එකක් දන් එන්නම් හෙප්පුව අරන් යන හැටි ඉගන ගන්න.

තේමිය ඒ කියාගෙන කේක් එක මේසෙ උඩින් තියලා කාමරෙට යන්න ගියත් නතාශා ඇවිත් එයාව අල්ලගත්තා.

" අද මොකද උනේ. අරයා මොනාද කිව්වේ.

" විශේශ මුකුත් නෑ මම එයාට කිව්වා අපි යාලුවො විතරයි කියලා.

දැන් ඔයා මොකෝ මේ මූන එල්ලන් ඉන්නේ.

" නෑ ඉතින් මගෙ නැව.. මුකුත් නෑ මුකුත් නැ මේ ඔයා වොශ් එකක් දාන් එන්න.

" මොකක් නැවක් ? මොන නැවක්ද ?

" මුකුත් නෑ මුකුත් නෑ යන්නකො දැන්.

හවස එයාලගෙ නැන්දලා ආව නිසා තේමිය නතාශා යොහාන් ආදිත්‍යා හතර දෙනාම එක පෙලට ඉදගෙන හිටියේ ප්‍රශ්න කිරීමකට වගෙ. නැන්දගෙ ප්‍රශ්න වලට උත්තර දෙන්න තමන්ගෙ වාරෙ එනකම් තේමිය මෙසත්ව හුරතල් කර කර හිටියා. ඉතින් නැන්දගෙ මාර දියණිය හිමාශාත් තේමිය හිටිය සෝෆ එකේ අයිනෙන් වාඩිවෙලා බොරු දරු සෙනෙහසක් පෙන්නන් මෙසත්ව හුරතල් කරද්දී නතාශගෙ ඇස් වලට කටු අනිනවා වගේ. එයාට දැන් අභිශේක් ට කෝල් කරලා තේමියව අරන් යන්න කියලා කියන්න හිතෙන තරම්.

" තේමිය අයියේ..

" ඇයි ?.

" මෙසත් හුරතල් නේ ඔයා වගේම තමා.

" ආ හා.

" මල්ලි මේ මගෙ ඇගේ මාලු නටවන්නැතුව ඕකිව තල්ලු කරලා දාහන්.

" තල්ලු කරලා හරියයිද යකෝ මේකිගෙ කොන්ද කැඩුනොත් රෝද පුටුවෙම තියලා මට භාරදෙයි.

තේමිය රහසින් නතාශට කියද්දී නතාශා හිටියේ ගොරකා කෑල්ලක් වගේ කට හදාගෙන.

" දැන් ආදිත්‍යාට පුතා ඉන්න නිසා වැඩ කරන්න බෑනේ.

" නෑ නැන්දේ මට ගෙදර ඉදන් වැඩ කරන්න පුළුවන්.

" ඉතින් දරුවගෙ වැඩයි ඔෆිස් වල වැඩයි දෙකම කරන්න පුළුවන් ද ?

" ඔව් නැන්දේ අවුලක් නෑ කරගෙන යනවා.

" දැන් බලහන්කො මට කියයි මම හෙලුවෙන් photos ගහනවා කියලා.

" එහෙනම් මගෙන් අහයි මාසෙකට නිවාඩු හම්බුනේ hospital එකෙන් එලවලද කියලා.

" ඔව් ඔව් මුන් කොහොමත් බලන් ඉන්නේ දොස්තර කොන්දොස්තර වෙනකම්නෙ.

" තේමිය පුතා දිගටම වැඩ කරන්නේ තාත්තත් එක්කද ?

" අහ් ඔව් නැන්දේ.

තේමිය CID එකේ වැඩ කරනවා කියලා දැනන් හිටියේ එයාගෙ ලගම අය විතරයි පිට අය ඇහුවම එයා කිව්වේ එයා තාත්තගෙ බිස්නස් වලට උදව් කරනවා කියලා.

" දැන් ඉතින් කල වයසත් හරිනේ අසේල කොල්ලටත් හොද තැනකින් බලලා පෙලවහක් කරලා දුන්නනම්.

අනේ මගෙ පෙලවහ ගැන මේ ගෑනිට පුදුම අමාරුවක්නෙ තියෙන්නේ.

" තේමියට තාම ඒ ගැන උනන්දුවක් නෑ අක්කේ අනිත් එක තාම මගෙ කොල්ලා පොඩි එකා වගේ. ඒ නිසා දැන්ම ඕවා ඕනෙ නෑ.

" 25 ක් කියන්නේ පොඩිද මල්ලි. නර්මදා ඔයාවත් පුතාව මේකට උනන්දු කරවන්නකො.

" ඉතින් නැන්දෙ හිමාශටත් දැන් 24 ක් නේ එයාටත් පෙලවහක් කරලා දුන්නනම් හරි.

තමන්ගෙ මල්ලිට වෙන්න යන අසාධාරනේට නතාශා නොබියව හඩනගන්න ඉදිරිපත් උනා.

" ඒකනෙ මේ අපිත් කතා කරන්නේ මේ ගැන.

" අහ් මනමාලයෙක් එහෙම බලුවද ?

ඒ ඇහුවම ඒ පවුලෙම ඇස් යාවුනේ තේමිය් දිහාවට. ඉතින් චුත වෙලා යන්න බැරි කමට තේමිය නතාශා දිහා බැලුවේ අනේ බේරගනින්කො අක්කේ කියනවා වගේ.

" වෙන මනමාලයෙක් බලන්නේ මොකටද හොද කොල්ලෙක් මේ ලගම ඉද්දී.

අපෙනුත් අකමැත්තක් නෑ තේමිය පුතාට.

තේමිය නියපොත්තත් හප හප හිතුවේ තමන්ගෙ ඔලුවට කඩා පාත් වෙන්න යන හෙන ගෙඩිය ගැන.

ඈහ් මේ ගෑනිට පිස්සුද ?. හිටහන්කො මම කියනවා අභි.. ඈහ් මම මොන මගුලටද ඒ පිස්සට කියන්නේ.

" අක්කලා කැමති වෙලා විතරක් බෑනෙ අක්කේ තේමියත් කැමති වෙන්න ඕනනෙ.

" තේමිය පුතා මොකට අකමැති වෙන්නද. අපේ හිමාශත් කැමතියි තේමිය පුතාට අනිත් එක අපි නොදන්න අය ඈ. මමනම් කියන්නේ කල වයසත් හරි එකේ මේවා ඉක්මනට පිලිවෙලක් වෙන්න ඕනා කියලා.

" ඒත් නැන්දට කවුද කිව්වේ හිමාශව බැන්දා කියලා අපේ මල්ලි පිලිවෙලක් වෙනවා කියලා. මෙච්චර ලස්සනට ඉන්න මගෙ මල්ලිට හිමාශා වඩා හොද කෙනෙක් හොයාගන්න බැරි කමක් නෑනේ. අනිත් එක කොයි ලෝකෙද මස්සිනා නෑනටම බන්දන්න ඕනා කියලා නීතියක් තියෙන්නේ.

නතාශා ඒක සද්දෙන් කියද්දී එයාලගෙ නැන්දා නතාශා දිහා බලන් හිටියේ මූනත් කලු කරන්. ඒත් නතාශා නක්කලේට කිව්ව කතාවට යොහාන්ටයි ආදිත්‍යාටයිත් හිනා.

" අනේ අක්කේ මේ ගෑනිව එලවහන්කො.

" බය වෙන්න එපා මල්ලි මම ඉන්නකම් මගෙ නැව ගිලෙන්න දෙන්නෑ.

" මොන නැවක්ද බන් කියවන්නේ මාව මේ මරාලෙන් බේරගනින්.

" ලමයින්ගෙ ජීවිත අපිට තීරනේ කරන්න බෑ අක්කේ. ඒවා තීරනේ කරන්න ඕනා එයාලා. මොකද එයාලගෙ ජීවිතේ ජීවත් වෙන්නෙ එයාලා මිසක් අපි නෙවේනේ. ඒ නිසා එයාලට කැමති කාලෙක, කැමති කෙනෙක් එක්ක පිලිවෙලක් උන දෙන්.

තේමියට නර්මදාගෙ කතාව ඇහුනම මතක් උනේ අභිශේක් ව . ඉතින් කැමති කෙනෙක් කියන්නේ.. ඒ කෙනා අභිශේක් උනත් ගෙදරින් කැමති වෙයිද කියලා තේමියට හිතුනා. මතක් කරනකොටම ඒ කෙනාගෙන් ආව ඇමතුමක් නිසා තේමියට පැනගන්න අවස්තාවක් ලැබුනා.

" කියන්න.

" මට ඔයාව බලන්න ඕනා.

" මට ඔයාව බලන්න ඕනෙ නැහැ.

" කමක් නෑ බබා ඒ උනාට ඉක්මනට ඔයාගෙ room එකට එන්නකො.

" ඈහ් ? තමුසෙ මොන..

තේමියට තව මුකුත් කියන්න නොදී අභිශේක් ඒ ඇමතුම විසන්ධි කරා.

මොන මගුලක් ද මේ මනුස්සයා මේ කියවන්නේ ? මගේ room එකට ? ඒත් මේ යකා කොහොමද මගෙ room එකට එන්නේ. පිස්සුද මන්දන්නෑ.

තේමිය එයාගෙ කාමරේට ගියත් එයා බලාපොරොත්තු උනා වගේ අභිශේක් එතන හිටියෙ නැහැ. ඒත් එයාගෙ බැල්කනියේ දොර ඇරිලා තිබුනේ. තේමිය තරහෙන් බැල්කනියට ගියත් අභිශේක් එතන පේන්න හිටියෙත් නැහැ. ඒ එක්කම එයාගෙ ඇග හිරිවට්ටගෙන ශක්තිමත් අත් දෙකක් එයාගෙ ඉන වටේ එතුනා. එයා ඒ උනුසුමට , සුවදට කොච්චර කැමති උනත් එයාට ඕන උනේ ඒ අත් වලින් මිදෙන්න. ඒකෙන් උනේ ඒ අත් තවත් එයාගෙ ඉන වටේ තද උන එක.

" අභිශේක් මාව අත අරින්න.

" මම ඔයාව අල්ල ගත්තේ අත අරින්න නෙවේ.

'' කවුරුවත් කාවවත් අල්ලගත්තෙ නැහැ අපි කොහොමත් වෙන් වෙලා හිටියේ.

" වෙන් වෙලා හිටියේ ඔයා විතරයි තේමිය. ඔයාගෙන් වෙන් වෙන එක මට කවදාවත් කරන්න බැරි දෙයක්.

තමන්ගෙ කන ලග මුමුනන අභිශේක් ගෙ තොල් තමන්ගෙ කන් පෙති වල වැදීගෙන බෙල්ල පුරා යද්දී බැල්කනියේ වැට උඩ තිබුන තේමියගෙ අත් තවත් ඒ වැටට තද උනා.

" අභිශේක් ඕක නවත්තන්න.

" ඔයා මොනාද මට නවත්තන්න කියන්නේ ?.

" මාත් එක්ක මෙහෙම හැසිරෙන එක. මම දන්නවා ඔයාට වෙන කෙනෙක් ඉන්නවා කියලා. මගෙන් ඈත් වෙලා ඉන්න.

" කවුරු එක්ක කොහොම ආශ්‍රය කරත් මම මගෙ සීමාව දන්නවා තේමිය. මගෙ සීමාව නැති වෙන්නේ ඔයා ලගදි විතරයි.

" ඔයාගෙ බොරු වලින් මම තවත් ඇන්දෙන්නෑ අභිශේක්. මම දන්නවා ඔය හිත එක තැනක නවතින හිතක් නෙවේ කියලා.

තමන්ගෙ පැත්තට හරවගත්ත තේමිය දිහා කන්න වගේ බලන් හිටිය අභිශේක් ඒ කම්මුල් හිමීට පිරිමදින්න ගත්තා.

" ඔයා දන්නවද මගෙ හිත ගැන ? ම්ම්ම්

අභිශේක් තේමියගෙ අතක් අරන් එයාගෙ පපුව උඩ තදකරගෙන හිනාවක් එක්ක මූනට බර වුනාම , මේ දැනෙන පීඩනේට එයාගෙ කම්මුල් රත් වෙන හැටි එයාටම තේරුනා.

" ඇයි සද්ද නැතුව ඉන්නේ තේමිය ?. මට උත්තර දෙන්න. ඔයා දන්නවද මගෙ හිත ගැන ?

" ඔව් ඔයාගෙ හිත ගැන මම දන්නෙ නැහැ ඒත් ඔයා බොරුකාරයෙක්.

" ඔව් මම බොරු කාරයෙක්. මම ඒක පිලිගන්නවා. ඒත් මම කවදාවත් ඔයාට බොරුවක් කරලා නැහැ.

" මම..

නැහැ තේමිය ඔයාට පොල්ලෙන් ගහනවා වගේ මේ දේවල් කියලා දාන්න බැහැ. කටට එන පලියට හැමදේම කියලා දැම්මොත් මට පස්සේ පසු තැවිලි වෙන්න වෙයි. අනිත් එක එයාගෙ ඇත්ත දැනගෙනත් මනුස්සයෙක් විදිහට මට එයාට රිද්දන්න බැහැ . මම කලිනුත් එයාට කිව්ව දේවල් වලට පසු තැවිලි උනානේ.

තමන්ගෙ අත ගසලා ගත්ත තේමිය කිසිම හැගීමක් නැතුව අභිශේක් දිහා බැලුවා.

" ඕක නවත්තන්න මට girlfriend කෙනෙක් ඉන්නවා.

" ඇත්තට ? ඒකද ඔයාගෙ අලුත් plan එක මගෙන් බේරෙන්න ?

" ඔයා ඕන දෙයක් හිතාගන්න. ඒත් තවත් ඔයාට මගෙ හිතත් එක්ක සෙල්ලම් කරන්න බැහැ. හොද හිතින් ඔයාගෙ සීමාවෙ ඉන්න. අපි අතර තියෙන්නේ යාලු කමක් විතරයි.

ඒ ඇහුන දෙයින් අභිශේක් ගෙ මූනෙ ඇදුනේ නක්කල් හිනාවක්.

" මට අයිති දේවල් මගෙ කරගන්න කවුද මට සීමා පනවන්න එන්නෙ ?.

" මගෙ යකා අවුස්සන්න එපා අභිශේක්. තමුසෙ මොන අයිතියක් ගැනද ඔය කතා කරන්නේ ?.

" ඉක්මනට කියන්නම්. ඒත් මම දැන් යනවා.

තේමියගෙ කම්මුලට හාදුවක් දුන්න අභිශේක් බැල්කනියෙන් පැනලා අතුරුදන් වෙලා ගියේ වුන දේ ගැන හිතන්නවත් තේමියට කාලයක් නොදී. තේමිය දුවලා ගිහින් බැල්කනියෙක් පහල බැලුවත් එයාට අභිශේක් ගෙ හෙවනැල්ලක්වත් දකින්න ලැබුනෙ නැහැ.

" මූ නම් ගිය ආත්මෙ වදුරෙක්ද කොහෙද ?

අත්දැකීම් වෙන්න ඇති මහ රෑ හොරෙන් කෑලි බලන්න ගිහින්. මෝඩයා.

.