Chapter 13: xiii ♡

LOVE HATE 🖇️ (Sinhala Bl )Words: 26414

යක්කු ගස් නගින වෙලාවට ගෙදර  ගිහින් අම්මගෙන් ගුටි කන්න බැරි තැන අද රෑත් තේමියගෙ නවාතැන උනේ අභිශේක් ගෙ ගෙදර. වොශ් එකක් දාගෙන ඇදට ආව ගමන්ම තේමිය ආයෙත් පරන වලිය ඇදගත්තා.

" මේ ඔයාගෙ girl friend  එහෙම දැනගත්තොත්.. අද මම මෙහෙ කියලා.. එයාට ජෙලස් හිතෙයිනේ.

" ඒ කවුද ඒ මගෙ girl friend ?

" ඇයි අර ටානියා.

" ටානියට කෙසේ වෙතත් වෙන කෙනෙක්ටනම් ජෙලස් වගේ.

" කවුද දන්නෑ. හුම් අනේ මට මොකෝ.

" බබා මේ.

" මොකද ?.

" කෝ මං දිහා බලන්න.

අනිත් පැත්ත හැරිලා හිටිය තේමියගෙ ඉන වටේ තමන්ගෙ අත යවන ගමන් අභිශේක් තේමියගෙ බෙල්ල ලගට ලං උනත් එක්කම තේමියගෙ අතින් ඒ ඇද ඇතිරිල්ල පොඩි වෙලා ගියා. තමන්ගෙ පැත්තට හරව ගත්ත තේමියගෙ තොල් මහපට ඇගිල්ලෙන් පිරිමදින ගමන් හිටිය අභිශේක් ගෙ ඇස්වල තේමිය මීට කලින් නොදැකපු හැගීමකින් පිරිලා තිබුනා.

" තේමිය..

" ම්ම්ම්.

" මම මොන වගේ කෙනෙක්ද කියලා දැනගත්තට පස්සෙත් ඔයාට මාත් එක්ක ඉන්න බය නැද්ද ?.

ඔයා මොන වගේ කෙනෙක් උනත් මම දන්නේ මම ඔයාට ආදරෙයි කියලා විතරයි.... ඒ ඇරෙන්න මම වෙන කිසිදෙයක් දන්නෙ නැහැ.....

" තේමිය..

මෙච්චර වෙලා අභිශේක් දිහා බලාගෙන මනෝලෝකෙක හිටිය තේමිය මේ සිහියට  ආවේ අභිශේක් ආයෙත් එයාට කතා කරද්දී.

" ආහ් ?.

" කොහෙද අතුරුදන් උනේ ?.

" අහ් නෑ මේ ඔයා මො..කක්ද කිව්වේ ?.

" මම ඔයාගෙන් ඇහුවේ මම මොන වගේ කෙනෙක්ද කියලා දැනගත්තට පස්සෙත් ඔයාට මාත් එක්ක ඉන්න බය නැද්ද කියලා.

" මට... මම මොකටද බයවෙන්නේ ඔයා යකෙක් ඈ ?. අනිත් එක ඔයා හිතුවද බය වෙන්න තරම් ඔයා හරි පොරක් කියලා. හුම්.

තේමිය කටත් හද හද කියවන විදිහ බලන් ඉද්දී අභිශේක්ටත් හිනා.

" මොකද හිනාවෙන්නේ ?

" මුකුත් නෑ මුකුත් නෑ. ඔයාට මාව විශ්වාස ද ?.

" අපෝ නෑ අර ටානියට නම් විශ්වාස ඇති.

" බබා ටානියා මගෙ කවුරුවත් නෙවේ..

" ඇත්තට.... එහෙනම් ඒ ගෑනි එදා නටන්න හැදුවේ darling දැන් වත් ඔයාට මාව මතක් උනානෙ ගගා.

" ඉතින් මගෙ බබාට ජෙලස් හිතුනද ?

" අනේ මට වැඩේමනෙ. ඔහේ කාත් එක්ක හිටියත් මට මොකෝ.

'' එහෙනම් එදා club එකේදී ටානියට පශ්චාත් බාගෙට පයින් ගහන්න ගියේ ?.

අභිශේක් එදා club එකේදි උන දේවල් මතක් කර කර බඩ අල්ලන් හිනා වෙනවා

" ඈ ? මම කොයිවෙලේද එහෙම කරේ ? . අනේ මේ බොරු කියන්න එපා. මට ඔය කොහෙවත් යන ගැනුන්ට ගගහා ඉන්නවා ඇරෙන්න වෙන වැඩ තියෙනවා.

" ඔයා තව එකක් කිව්වා.

" මට දැනගන්න ඕනෙ නෑ............

තේමිය කට හද හද කියවන හැටි පොඩි එකෙක් දිහා බලන් ඉන්නවා වගේ  අභිශේක් බලන් හිටියා.

" උබ ඔහොම බටකොල ආච්චියෙක් වගේ කච කච ගාද්දී මාර හුරතල් බන්. සිරාවට මම දන්නෑනේ සත්තු වත්තේ මෙච්චර හුරතල් වදුරු පැටව් ඉන්නවා කියලා.

" ඇහ් ?. මම බටකොල ආච්චියෙක් ? මේ මෙහෙම හිටියට මමත් දන්නවා හොද හොද උක්ත පද. ඒවා මට කියලා අහගන්නැතුව නිදාගන්නවද මහත්තයෝ...

" ඇත්තට.. කියමු බලන්න එහෙනම් මොනාද ඔය උක්ත පද කියලා.

තමන්ගෙ ඇගිලි එකට එක පටල පටල හිටිය තේමිය අභිශේක් දිහා බැලුවේ එයාගෙ හිතට වද දෙන මේ ප්‍රශ්නෙත් එක්ක.

" මේ.... ඒකනෙවේ මට සමාවෙන්න.

" ඔයා මොකක්ටද මගෙන් සමාව ඉල්ලන්නේ.

" ඔයාට නරක විදිහට සැලකුවට..

" මට නරක විදිහට සැලකුවට ?

" හ්ම්ම්.

" මම ඉක්මනට ඔයාට  ඒකට උත්තරයක් දෙන්නම් ඒත් දැන් නෙවේ.

" ඒ කිව්වේ ? ඇත්තටම මම ඔයාට ඒ විදිහට සලකලත් ඇයි ඔයා මට හොද විදිහට සලකන්නේ ?. අනිත් එක.. මේ දේවල් වලින් පස්සේ මොකක්ද වෙන්නේ ?

" මේ දේවල් වලින් පස්සේ කියන්නේ ?

" දැන් ඔයා චමින්දව මැරුවා කියමුකො, ඊට පස්සේ මොකද වෙන්නේ ?. ඊට පස්සේ ඔයා ඔයාගෙ ජීවතේ ගත කරන්නේ කොහොමද ?.

" මන් ද ? මං ඊට පස්සේ ඉක්මනට කසාදයක් කරගෙන ඔයා වගේ හුරතල්  බබෙක් හදනවා.

" ආහ් ??? බබෙක් හදනවා ?. ටානියා එක්කද දන්නෑ.

" බබා ටානියා එක්ක ලමයි හැදුවා කියලා ඒ ලමයි ඔයා වගේ වෙන්නෑනේ. ඔයා වගේ වෙන්නනම් .....

කිව්ව දේ බරපතල කම තේරුනාම තේමිය අභිශේක් දිහා බලාගෙන හිටියේ කටත් ඇරගෙන.

" හහ් ! මෝඩයා. මාර විහිලුව මට හරියට හිනා ගියා.

" කවුද කිව්වේ ඒක විහිලුවක් කියලා. ම්ම් ?.

" ඇත්තටම මට ඔයා ගැන හිතාගන්න බැහැ. ඇත්තටම ඔයාගෙ තැන මම හිටියනම් මම හිතන්නෙ නෑ මම අඩුම තරමෙ මේ වෙද්දි ජීවත් වෙලා ඉදීද කියලවත්.

" මම කවදාවත් ඔයාව මගෙ තැනට වැටෙන්න සලස්වන්නෑ තේමිය . ඒ වගේම මම පනපිටින් ඉන්නකම් ඔයාගෙ ජීවිතේට කිසිම අනතුරක් වෙන්න දෙන්නෙ නෑ. ඔයා දැනගන්න ඕන දේවල් මම ඉක්මනටම ඔයාට දැනෙන්න සලස්වන්නම් . එතකම් ඉවසලා ඉන්න. ඔයා දන්නවද , මම මනුස්සයෙක් කෙනෙක් ගැන හැගීමක් ඇති වෙන එක දුර්වල කමක් කියලා හිතුව. ඒත් තවදුරටත් මට එහෙම හිතෙන්නෙ නෑ. දැන් මට ඕනා මම ආදරේ කරන කෙනාව ආරක්ශා කරන්න පුළුවන් තරම් ශක්තිමත් වෙන්න. ඒත් මම තාම ශක්තිමත් නැහැ. එයාව මගෙ කරගන්න මම තාම සුදුස්සෙක් නෙවේ. ඒ නිසා මට මගෙ හැගීම් එලියට දාන්න බයයි.

අභිශේක් මේ කියන කතා තේමියට අපභ්‍රංශ වගේ. ඒ දේවල් කාටද කියන්නේ ? තමන්ටද කියන්නේ ? ඇයි එහෙනම් ඒ දේවල් කෙලින් කියන්නෙ නැත්තේ ? ඇයි එයා බය ? ඇත්තටම අභිශේක් ට එයාව දැනෙන්නේ කොහොමද ? එයාට අභිශේක් ව දැනෙන්නේ කොහොමද ? ඒ හැගීම මොකක්ද ?  එයාට දැන් අභිශේක් ගෙන් තමන්ව මොන විදිහට ද දැනෙන්නේ කියලත් අහන්න හිතයි. අභිශේක් කාටද ආදරේ කරන්නේ ? බැරි වෙලාවත් එයා වෙන කෙනෙක්ට ආදරේ කරනවනම් ඇයි එයා තමන් එක්ක මේ විදිහට හැසිරෙන්නේ . ඒ ඇරත් ලොකුම ප්‍රශ්නේ ඒ දෙන්නම පිරිමි ලමයි. ඉතින් අභිශේක් ට එයා ගැන ඇත්තටම ඒ වගේ හැගීමක් ඇති වෙන්න පුලුවන්ද ?. තේමිය කියන්නේ මෙච්චර කල් ගෑනුලමයින්ට කැමති කියලා හිතන් හිටියත්  ගෑනුලමයි ගැන හැගීමක් ඇති නොවුන කෙනෙක්. හිත ඇතුලේ ප්‍රශ්න කෝටියයි ඒත් හිතන පරක්කුවට උත්තර ලැබෙන්නේ නෑ. හදවතයි මොලයයි පරස්පර මාතෘකා දෙයක් තෝරගෙන විවාද කරද්දී තේමිය මධ්‍යස්ථයි .

එයා ඒ දිලිසෙන දුඹුරු පාට ඇස් දිහා බලාගෙන ඇදිලා ගිය දුරක තරම එයාවත් දන්නෙ නෑ එයාට  තේරුනෙත් නෑ. ඒ ඇස් භාවනාවක් වගේ මුලු හිතම නිවනවා. ඒත් වෙලාවකට එයාගෙ හිත අවුලවනවා. තේමියට ලෝබයි ඒ ඇස් තමන් දිහා ඇරෙන්න වෙන කෙනෙක් දිහා බලයි කියලා හිතෙද්දිත්. ඉතින් ඒ අතරමං උන හිතත් එක්ක අසිහිය මනසේ රජ කරද්දී එයාගෙ ඇගිලි තුඩු නැවතුනේ අභිශේක් ගෙ මූන උඩ. මූන පුරාම යන ඒ ඇගිලි තුඩු හරි පරිස්සමට ඒ මූනේ හැම අගලක්ම අධ්‍යනය කරා. එයාව පිස්සු වට්ටන ඒ හිනාව , හිත නිව නිව අවුලන ඒ දුඹුරු පාට ඇස් තේමිය පිලිගත්තා අභිශේක් තමා එයාට මෙච්චර කාලෙකට හම්බුන  කඩවසම්ම මනුස්සයා කියලා.

බලන් ඉද්දී ඒ ඇස් ගැස්සිලා ගියේ මූන පුරා ගිය ඇගිලි තුඩු ඒ තොල් ලග නතර වෙද්දී.  තමන්ගෙ තොල් ලග නතර වෙලා තිබුන තේමියගෙ අත තවත් තමන්ගෙ මූනට තද කරගෙන ඒ අල්ලට හාදුවක් දුන්නේ ඒ ආදරේ මෙහෙමයි කියලා පිටදාන්න බැරි තරම්. ඒත් තේමියට ඒ මදි. එයාට ඒ තොල් එයාගෙ කරගන්න ඕනා. ඇග ඇතුලෙන් එන අමුතුම උද්දීපනයක් තේමියව ඒකට පොලඹවනවා. ඒත් එයාට බයයි.

එයාටම නොතේරුනාට මේ වෙද්දිත් ඒ හිත අභිශේක් ලග නැවතිලා. දැන් ඒ හිත ඇතුන් ලවාවත් අද්දගන්න බැහැ.

" ම..ම දෙයක් කරොත් ඒක ඒ වෙලාවෙම අමතක කරනවද ?

තමන්ගෙම හැගීම් වලින්  උන්මන්තකයෙක් වුන තේමිය උත්තරයක් ලැබන්නත් කලින්ම  ඒ තොල් එයාගෙ කරගත්තා. කෙටි හාදුවකින් පස්සේ තේමිය අභිශේක් ගෙන් ඈත් උනේ මූන දෙන්න බැරි තරම් ලැජ්ජාවකින්.

" sorry  ම..

" ඔයා ඇයි sorry කියන්නේ ?

" මම ඔයාව

" මොනාද ? මට මුකුත් මතක නැහැනෙ.

තේමිය තොල් හපාගෙන හිනාවෙවී  ලැජ්ජාවෙන් අභිශේක් ගෙ පපුවේ  මූන හංගගත්තා. අභිශේක් තේමියව තවත් තමන්ට තුරුල් කරගද්දී තේමිය ඇස් දෙක පියාගත්තේ සතියක් පුරා එයාට මග හැරුන උනුසුම නිදහසේ විදින ගමන්. ඒත් එයා දැනන්  හිටියේ නෑ මේ වෙද්දී තමන් නිසා තමන්ගෙ අනිත් පාර්ශවේට වෙලා තියන දේ. එයා දැනන් හිටියේ නෑ එයා මේ තුරුල් වෙලා ඉන්න පපුව ඇතුලේ එයා වෙනුවෙන් තියන ආදරේක තරම.

මී පැටව් දෙන්නෙක් වගේ ගුලි වෙලා හිටිය මේ ජෝඩුවම උදේ ඇහැරුනේ තේමියගෙ දුරකථනය නාද වෙනවත් එක්කම. තමන්ගෙ දුරකථනය අතට ගන්න හැදුවත් දඩු අඩුවකට අහුවෙලා වගේ අභිශේක් ගෙ අත් වලට හිරවෙලා හිටිය තේමියට හෙලවෙන්නවත් බෑ.

" අභිශේක් ???

" මාව දාලා යන්න එපා.

" මම කොහෙ යන්නද අනේ.. පොඩ්ඩක් ඉන්න අර call එක answer කරන්න ඕනා .

තේමිය හිරවෙලා හිටිය අත් වලින් ගැලවෙලා මේසෙ උඩ තිබුන දුරකථනය අරන් අතට ගත්තා.

" hello අම්මා.

" චූටි පුතා ඔයා කොහෙද ඉන්නේ. ගෙදර එන්නෙ නැද්ද අයියත් ආවා.

" අප්පටසිරි එයා ආවද ? . මම අභිශේක් එක්ක ඉන්නේ. පැයක් දෙන්න මම එන්නම්.

" හරි පුතා ඉක්මනට එන්න. අර දරුවවත් එක්කන් එන්න.

" ඔයාම කියන්න එයා මං කියන එක අහන්නෑ.

" කෝ අභිශේක් පුතාට phone එක දෙන්න මම කියන්නම්.

" අහ් ඉන්න.

තේමිය හිනා වෙවී අඩ නින්දේ හිටිය අභිශේක් ගෙ කනෙන් phone එක තිබ්බා.

ඒ පාර අභිශේක් ගැස්සිලා තේමිය දිහා බැලුවේ කන ගාවින් ඇහුන තේමියගෙ අම්මගෙ කටහඩ නිසා.

" පුතේ ඔයත්  තේමියත් එක්ක අපේ ගෙදර එන්න.

" ඒත් නැන්දේ...

" ඒත් ඒත් නෙවේ එන්න හරිද ? තේමියගෙ තාත්තටත් තේමියගෙ යාලුවව බලන්න ඕනලු. එන්න එහෙනම් මම බලන් ඉන්නවා.

" හරි නැන්දේ.

" නැන්දා නැන්දා එපා දැන් ඔයත් මට අම්මා කියලම කියන්න.

" හරි අ.. අම්මා..

ඒ ඇහුනම තේමියත් පුදුම වෙලා ඇස් දෙකත් ලොකු කරන් අභිශේක් දිහා බැලුවා. ඇමතුම ඉවර වෙලා දුරකථනය තේමියගෙ අතට දුන්නත් ආයෙත් ඒ ඇස් වල ආයෙත් කදුලු. දැන් තේමියටත් දුකයි.

තේමිය ඉක්මනට ඇවිත් අභිශේක් ව තුරුල් කරගත්තා මොකද  එයාට ආයෙත් ඒ ඇස් වල කදුලු දකින්න ඕනෙ නෑ.

" මම ගොඩ කාලෙකට පස්සේ ඒ වචනෙ කිව්වේ.

" ම්ම්ම්.

තේමිය වොශ් එකක් දාන් ටවල් එකත් ඉනේ ගැට ගහගෙන කාමරේට ආවේ අදත් අභිශේක් ගෙ ඇදුමක් උස්සන්න.

ඒත් එයා බාතෲම් එකෙන් එලියට එනවත් එක්කම රත් උනේ අභිශේක් තාමත් කාමරේ නිසා. කලින් දවසෙනම් අභිශේක් එයාට ඇදුමක් ඇද උඩින් තියලා එලියට ගිහින් හිටිය නිසා තේමිය නිවී සැනසීමේ ලෑස්ති උනා. ඒත් දැන්නම් එයාට ආයෙත් බාතෲම් එකට දුවලා යන්න හිතයි. මොකද දැන් ඒ ඇස් තේමියගෙ ඇගම ස්කෑන් කරද්දී තේමියට සැකයි එයා මේ ටවල් එක ඇදන් ඉන්න එකෙනුත් පලක් තියෙයිද කියලා. ඒ පුරුදු කටකොනින් හිනාවත් එක්ක අභිශේක් ඇදෙන් නැගිටලා තේමිය ගාවට එන්න අඩියක් තිබ්බා විතරයි තේමිය ආයෙත් බාතෲම් එක ඇතුලේ.

" ඒයි ලමිස්සි  මම උබට අතවර කරන්නෙ නෑ. මෙහෙ එනවා.

" බැහෑ........

" හරි හරි  මම අනිත් bathroom එකට යන්නම්. ඔයා room එකේ ලෑස්ති වෙන්න. මම ඇද උඩ ඇදුමක් තිබ්බා.

" හ්ම්ම්ම්...

කාමරේ දොර ඇරිලා වැහෙන සද්දෙට තේමිය බාතෲම් එකේ දොර ඇරලා ඔලුව එලියට දාලා අභිශේක් ඉන්නවද කියලා බැලුවා.

Shit !! ඉතින් මොන මගුලටද කුලප්පු වෙච්ච හරකා වගේ දුවන් ආවේ. යකූ මමත් කොල්ලෙක්නෙ. අර යකා දැන් ඕක අල්ලගෙනත් මාව නෝන්ඩී කරයි. හයියෝ ............ කඩවලේ... පුරුෂ ධෛර්යය ලෙෆ්ට්.

තේමිය තමන්ටම බැන බැන ලෑස්ති වෙලා කාමරෙන් ඔලුව දාලා බලද්දී අභිශේක් සාලේ sofa එකේ ඉදගෙන හිටියා. තේමිය කාමරෙන් එනවා දැක්ක අභිශේක් ට තනියම හිනා.

" ලමිස්සි ලෑස්ති වෙලා ඉවරද ?.

" අනේ මේ අපි හොදට ලැජ්ජ බයට හැදිච්ච කොල්ලො හරිද ?.

" ඒ නිසා වෙන්න ඇති කෙල්ලෙක් වගේ දිව්වේ.  උබනම් සිරාවට කෙල්ලෙක් වෙන්න ගිහින් වැරදිලා කොල්ලෙක් වෙල තියෙන්නේ.

"අනෙ මේ මම හොද අයෝමය පුරුෂයෙක්.

" ඇත්තද බබා එහෙනම් අයෝමයා.. පුරුශයෙක්ද කියලා බලාගන්න මට ඔය  අයෝමය අංගය පොඩ්ඩක් බලාගන්න බැරි වෙයිද ?.

" ඈහ් ??? .

අභිශේක් කපටි හිනාවක් එක්ක තේමිය ලගට ආවම තේමිය කෑ ගගහා ගේ පුරාම දුවන්න ගත්තා. ඉතින් අභිශේකුත් වැඩේ අත ඇරියෙ නෑ. දැන් දෙන්නම හොරා පොලිස් සෙල්ලම් කරනවා.

" ඒයි එන්න එපා මගෙ ලගට

" ඇයි දැන් උබ අයෝමය පුරුශයා කිව්වේ. පෙන්නුවම මොකද වෙන්නේ.

" අනේ අම්මේ........ මේ යකා මට අතවර කරනවා. එන්න එපා ඇත්තමයි ගහනවා.

" අහල පහල කාට හරි ඇහුනොත් මාව පොලීසියට අල්ලලා දෙයි යකෝ.

" මම ම තමා ඔහේව අත් අඩංගුවට ගන්නේ මට අතවර කරන්න ආවා කියලා. යකූ මුන් පොලීසියටම අතවර කරන්න එනවනෙ.

" ඒක බලාගමුකො. අද මගෙන් බේරෙන්න හිතන්න එපා මම අද ඔය අයෝමය අංගය බලලමයි නවතින්නේ.

තේමිය තව වැඩි වෙලාවක් දුවන්න කලින් අභිශේක් ගෙ අත් වලට අහුකරගෙන sofa එකේ පෙරලගෙන කුච් කවන්න ගත්තේ තේමියත් දෙවනි නොවී අභිශේක් ගෙ කන් බීරි කරන තරමට මරනවා වගේ කැගහද්දී.

" අනේහ් එපා ඕයි . මාව අත අරිනවා මෝඩයා... එපා. කිචි ඕයි නවත්තනවකෝ......

" නවත්තන්න ඕනද ?.

" ඔව් අනේ එපා... ඇති දැන්. අම්මා අපි එනකම් බලන් ඇත්තෙත් යමු...

" එහෙනම් පගාවක් ඕනා.

" බැහැ.

" බැහැ ?  එහෙනම් ආයෙ කුචි කවනවා..

" හරි හරි මොකක්ද ?.

අභිශේක් එයාගෙ කම්මුලට ඇගිල්ලෙන් තට්ටුවක් දාලා තේමියට පෙන්නුවා.

" ආහ් ?

" දුන්නොත් නවත්තන්නම්.

" ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

තේමිය  අභිශේක් ගේ කම්මුලට හාදුවක් දීලා ලැජ්ජාවෙන් මූන වහගත්තා.

" මගෙන් හැංගෙන්න එපා තේමිය.

අභිශේක් තේමියගෙ මූන තමන් ලගට හරවගෙන ඒ ඇස් දිහා බලාගෙන හිටියේ ඒ බැල්මෙන් තේමිය හද ගැස්ම තප්පරෙන් තප්පරේ වැඩි කරවන ගමන්.

" මගෙ රෝස මල බැලුවොත් ඉතින් රතු වෙනවා.  ලැජ්ජාවෙන් ඔය කම්මුල් රතු උනාම ඔයා කොච්චර ලස්සනයිද කියලා ඔයාවත් දන්නෑ තේමිය.

" ම...මම ??.

" මගෙ ඇස් වලින් එකපාරක් හරි ඔයා ඔයාවම දැක්කනම් ඒක ඔයාට තේරෙයි.